(යොහාන් භාසුර)
රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල්වලට එළඹෙන උත්සව සමය වෙනුවෙන් මේ මස 23 වැනි බ්‍රහස්පතින්දා සිට සති දෙකක නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
එම සති දෙකක නිවාඩුවෙන් පසුව ලබන ජනවාරි මස 3 වැනිදා නැවත පාසල් ආරම්භ වන අතර මීට පෙර එම නිවාඩුව මේ මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා දින හතරකට සීමා වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යාංශය විකාර කරන බවට තවත් උදාහරණයක් . ගිය සතියේ චක්‍ර ලේඛය ගැහුව දවස් 2යි කියල. තවත් වෙනස් වන තැනක් ඉදිරියෙදි එනවා. පෙබරවාරි විභාගයට ප්‍රාථමික අංශ පවත්වන බව කිව්වේ. ඒකත් වෙනස් කරන්න වෙනවා.
වසර දෙකකට අසන්න කාලයක් ක්‍රමවත් පාසල් අධ්‍යාපනය අහිමි වූ, වාර විභාග 5ක් මුහුණ නුදුන් දරුවන්ගේ සැබෑ අධ්‍යාපන මට්ටම හැකි ඉක්මනින් අධ්‍යාපන අමාත්‍යංශය දැනගැනීම අතිශය වැදගත්. මෙම පාසල් නිවාඩුවට ප්‍රථම අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හඳුනා ගන්න. ඉදිරි වසර සඳහා එම දත්ත පදනම්ව ඉදිරි ඉගැන්වීම් සැලසුම්, විභාග නිර්දේශ පිලිබඳ තක්සේරු කරන්න. අක්‍රමවත් වැඩපිළිවල මගින් රටේ අනාගතය අගාධයක නොදමන්න.