
(කේ බුද්ධික කුමාරසිරි)
ගොතටුව ජලාපවහන මණ්ඩලය අසල මාර්ගයේ ජල නලයක් පුපුරා යාමෙන් හෑරෑණු වතුර වළකට යතුරු පැදියකින් සිය දියණිය පාසලට රැගෙන ගිය පියා සහ සිසුවිය වැටී ගිලෙද්දී අසල සිටි පිරිස බේරා ගෙන ඇත.
ගොතටුව සිට කොස්වත්ත දක්වා මාර්ගයේ භූගත නළයක් පුපුරා යාමෙන් මෙම අඩි 16ක් පමණ ගැඹුරට මෙම වළ හෑරි ඇතැයි ප්‍රදේශවාසීහු පැවැසූහ.
පියා සහ දියණිය යතුරුපැදියත සමග වළට වැටී ඇති අතර ඒ අසල සිටි පිරිස වහා යුහුසුළු වී පියා සහ දියණිය ගො ගැනීමට සමත් වී ඇත
එම දියණිය සහ පියා පැමිණි යතුරු පැදිය මාර්ගයේ ජලය පිරී තිබූ වලට වැටෙන ආකාරය සහ ඒ අසල සිටි පිරිසවලට වැටුනු පියා සහ දියණිය ගොඩ ගත් ආකාරය ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ ආකාරය ඡායාරූප වලින් දැක් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාත් දුවත් බේරාගත් අයට අපගේ උපහාරය. මේ වගේ කාළකණ්නි රටක අපි ජීවත් වෙන්නේ. වල අඩි 16 ගැඹුරුයි. මහ පාරෙ තියෙන්නේ. බිල විතරක් වැඩි කරපල්ල.මුන් කාළකණ්නිම තමා. මිනීමරු ජලසම්පාදනේ.
මාර්ග සංවර්ධන අධිකාරියට ,ජල සම්පාදන මණ්ඩලයට සහ මෙම ජල නල එලූ කාලකන්නි කොන්ත්‍රාත්කරුවන්ට සහ මෙම වැඩ අධීක්ෂනය කල නිලධාරීන්ට මෙම වගකීම් මිදෙන්නට නොහැකිය .මිනී මැරීමට තැත් කිරීම යටතේ ඔවුන්ට විරුද්ධව නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතුයි .මෙම සමාගමේ නමත් හෙළි කරන්න
වාහනයක් ධාවනය කරනවිට වම් පැත්තෙන් නේද යන්න ඕන මේ පුද්ගලයා ගිහිල්ලා තියෙන්නෙ සුදු ඉරටත් දකුණෙන් කියලා පේනවා කොහොම වුනත් මණ්ඩලයේ අයට අනතුරක් කියලා තේරුම් ගන්න බැරිවුනත් අහල පහල අයටවත් ඔතනට රතු කොඩියක් නැත්නම් වෙනත් අනතුරු හැගවීමක් කරන්න හිතුනෙ නැද්ද
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තමයි ඔය රජයේ ආයතන වල ඉහලින්ම ඉන්නේ. ඔවුන් සේෆ්ටි ගැන එතරම් තැකීමක් නොකරන අය බව ප්‍රසිද්දයි. රට වටේ ගියොත් ඕන තරම් උදාහරණ හොයා ගන්න පුළුවන්. මේකට බරපතල ලෙස වග කියන්න ඕන විශ්ව විද්‍යාල. ඒවායේ ශිෂ්‍යන්ට උගන්නන්නේ ලොකු ලොකු සංකල්ප විතරයි. ඉතින් මොඩලින් ඩිසයින් වගේ ලොකු වැඩ කරන්න පුළුවන්. හෙන පොරවල් කරලා එලියට එවන්නේ. අනික ආයතන වල ඉහල ඉන්න අය මේක මගේ වගකීමක් නෙවෙයි කියල මාරු වෙන එක. ඕක හරිගස්සන්න ඕන එකම ක්‍රමයයි. ඒ දිවුණු රටවල වගේ නිතිය වලවල් හැරුව සයිට් සුපවයිසර් සහ එස්කැවේටර්කරු වෙනුවට ව්‍යාපෘති කළමනාකරු සහ ඉන්ජිනේරුතුමාට ක්රියන්ත්මක වීමයි.
ජල නල පුපුරල විශල ගංගාවල වගේ ජලය ගලාගෙන යනව , මිනිස්සු එව්වගෙ වැටිල අනතුරට පත්වෙනව , ජලසම්පාදනෙ පාඩු පියවගන්නෙ අපෙ ජල බිලෙන් , ප්‍රදන ක්‍රමය වහල මෙක අලුත්වැඩියා කරන්න කිසිම නිලදරියෙක් පියවර අරන් නැහැ , මම ජනදිපතිනම් මෙම නිලදාරින් වහාම අත්අඩංගුවට අරන් , පොදු දේපල විනාශකිරිම , රාජකාරිය පැහැර හරිමින් ජිවිත අනතුරෙ දැමිම වනි වැරදිවලට නඩු පවරන්න කියල නියෝග කරනව , සේයෙනුත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන්න
buruwekwage motorcycle padinakota ohomathama. viyali thanbalabalaa wathurawala udin yanney monamodyada? mayka honda paadamak samatama.