(රංජන් කස්තුරි)
රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල, සහ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
රජය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වුවද දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් ලබා දීම වැදගත් බවද අධ්‍යාපන ඇමතිවරයා පවසයි.
පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපහාර උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට දින තුනකට පෙර නැවත දැනුම් දෙන බව ද මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තං පටන් ගන්න දවස කියන්නේ නෑ. කරුණාකරලා එක දවසක් රටේ පාසල් වහලා තිබුනොත් රටට වෙන පාඩුව ගණන් බලන්න. විශ්ව විද්‍යාල වලටත් එසේමයි. කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන වසා තැබීමෙන්පා වන පාඩුව ඔය අරගෙන තියෙනකොට කියන ආර්ථික වාසියට වඩා වැඩියි. අධ්‍යාපන ඇමති ලෙස ලොක්කට කඩේ යන්නේ නැතිව මේවා සංඛ්‍යාත්මක දත්ත හදලා පෙන්වන්න.