
(යොහාන් භාසුර)
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් තව දුරටත් අපහසුතාවට පත්වන බව ජනතාව චෝදනා කරති.
විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවයෙන් ලබාගැනීම සඳහා පිට පළාත්වල සිට පැමිණෙන ජනතාව මෙසේ කාර්යාල පරිශ්‍රයේ බිම වාඩිවී සහ ඇතමුන් නිදාගෙන සිටින අතර එම කාර්යාල පරිශ්‍රයේ පහසුකම් නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම කාර්යාල පරිශ්‍රයට පැමිණන ජනතාවට අවම වශයෙන් ආරක්‍ෂාව සහිතව යතුරුපැදියක් ගාල්කිරීමේ පහසුකම් නොමැති අතර කාර්යාලය අසළ මාර්ගයේ ගාල්කර තිබූ යතුරුපැදි කීපයක් පසුගිය කාලයේ සොරකම් කර ඇති බව ද වාර්තා වේ.
එම තත්වය මත ජනතාව යතුරුපැදි ඇතුළු වාහන පෞද්ගලික ස්ථානවල මුදල් ගෙවා ගාල්කරන අතර ඒ සඳහා පැයකට රුපියල් 50 යේ සිට රුපියල් 1000 ක් දක්වා අය කරයි.
ඇතැම් පුද්ගලයන්ට එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා පැය හත අට කාලය ගත කරන්නට වීමෙන් වාහනයේ ගාල්කිරීමේ ගාස්තුව ලෙස ද විශාල මුදල් වැය කිරීමට සිදුවන බවත් යතුරුපැදි සඳහා භාවිතා කරන හෙල්මට් එකක් වෙනුවෙන් රුපියල් 50 ක් ද අය කරන බව ජනතාව පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ඉන්න ඔක්කොම පාස්පොට් ගත්තතත්ඔය තඩ බඩෙ ඉවර කරන්නෙ නැැ - ඔක නිලදාරින්ට නියම ගරන පාර එක්දින ගාස්තුවට අමතරව රුපියල් 25000 ක් වත් ගෙවන්න ඔනෙ නැත්නම එක්දින සේවෙටත් දින හම්බවෙන්නෙ මාස දෙදෙට පස්සෙ.
සාමාන්‍ය තත්ත්වය මත පහසුකම් තියෙනවා නමුත් මේ දිනවල පවතින්නෙ විශේෂ තත්ත්වයක් . ජනතාවගේ ඉල්ලුම වැඩි විශාල ලෙස.
ශ්‍රීලංකා පාස්පෝර්ට් කන්තුරුව, වැඩිමල් අදායම් ලබන තැනක්,, සේවා පහසුකම් අතින් දුර්වල ආයතනයක්, රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි අරගෙන සේවාදායකයන්ට සත්තුන්ට වගේ සලකන ආයතනයක්.
ලංකාවේ වැඩිම අදායමක් ලබන, මහජනතාවගේ මුදලින් යැපෙන, සේවාදායකයන්ට සත්තුන්ට වගේ සලකන්නේ, කාලය කාලකන්නි කරන, රටේ දුෂිතම ආයතනයක්.