
(ඉන්දිකා රමනායක )
පුල්මුඩේ. 13 කණුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ දමා ගොස් තිබූ මෙරට පුද්ගලයන් හත් දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර හතක් පුල්මුඩේ පොලිසිය මගින් සොයාගෙන ඇත.
මෙම බලපත්‍ර සම්බන්ධයෙන් පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (12) පස්වරුවේ මේවා සොයා ගත බව පොලිසිය කියයි.
මෙම විදේශ ගමන් බලපත්‍ර කිසිවකු විසින් මෙම ස්ථානයේ දමා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.මෙම විදේශ ගමන් බලපත්‍ර මෙම ස්ථානයේ දමා ගියේ කවුද යන්න හෙළිකර ගැනීම සඳහා පුල්මුඩේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාපු කෙනා හොයන්න ඉස්සෙල්ලා අයිතිකාරයින්ව ගෙන්නලා ප්‍රශ්න කළොත් හරිනේ... ඒක එච්චර අමාරු වැඩකුත් නෙවෙයිනේ...