(එන්. ආරච්චි සහ බුද්ධික කුමාරසිරි)

සිය රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ කීපයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්   යටියන්තොට පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මස 30 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි රුවන්වැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශාමලී වෙදසිංහ මහත්මිය අද (28)නියෝග කළාය.

​මෙලෙස රිමාන්ඩ්  කරන ලද්දේ රුවන්වැල්ල කහටගස්තැන්න  පදිංචිකරුවකු වන සරත් කුමාර ගුණරත්න නැමැති උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ලබා දී තිබූ   රාජකාරි ගිනි අවිය  පසුගිය 26 වන දින  බාරගෙන ඇති අතර පසුව අස්ථානගත වී ඇති බව පොලිසිය දැනුම් දුන්නේය.

පිස්තෝල ගිනි අවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.