(හර්ෂණ තුෂාර සිල්වා )
සැප්තැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව ඉකුත් අගෝස්තු මාසයේ දී උද්ධමනය සියයට 6.0ක් ව පැවැති මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ දී මෙලෙස සියයට 5.7ක් දක්වා පහළ ගොස් ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස පහළ ගොස් තිබේ.
පසුගිය වසරේ (2020) සැප්තැම්බර් මාසයේ පැවැති ඉහළ පදනම් අගය මඟින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම ඊට හේතු වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මේ වසරේ අගෝස්තු මාසයේ දී සියයට 11.5ක පැවැති අතර ඒය සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0ක් දක්වා පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 3.5ක්ව පැවැති අතර එය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස මේ වසරේ අගෝස්තු මාසයේ දී සියයට 4.3ක්ව පැවැති අතර සැප්තැම්බර් මාසයේ දී එය සියයට 4.5ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මාගෙන් පේන අහලා වැඩක් නෑ...
ඉලක්කන් එහාට මෙහාට කරලා වෙන්න ඇති... හැබැයි පුතෝ යථාර්තය ඕකෙ අනිත් පැත්ත....
බඩු මිල වැඩි වෙනවා .උද්ඝෝෂණ අඩු වෙනවා .අමුතුම සොයාගැනීමක්