(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
පාස්කු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රහස් පොලීසිය ඇතුළු අදාළ අංශවලට මේ වනවිටත් යවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද(10) පැවසීය.
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් නොයෙක් නම් කියමින් සිටිනවා මිස නඩු පවරා නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය .
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ එකද? නැත්නම් පිටු සහ වෙළුම් අඩු එකද?
ලංකාවේ දූෂිත දේශපාලකයන් කවද්ද ඇත්තක් කිව්වේ...? තාරබර ඇරලා තමා විශ්වාස කරන්න වෙන්නේ..?
මේකත් බයියෝ විශ්වාස කරනවනේ..