(හසිත රංග ගුණතිලක)
පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇද වැටුණු අපේ රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි යැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අද (11) පැවසූහ.
අපේ රට සිංහලේ රටක් බවට ප්‍රකාශ කිරීමට බොහෝ දෙනා අමතර බියක් මෙන්ම දැඩි ලැජ්ජාවට යොමු වන කාරණාවක් වී ඇති බවද මහ නාහිමියෝ සඳහන් කළහ.
හෙළ බොදුනුවන්ට අහිමි කළ ලංකාව හෙළයින්ට යළි උරුම කර දීම සඳහා මෙරට සිටින සියලුම හෙළයන් එක් කොඩියක් යටට පෙළගැස්වීම වෙනුවෙන් හෙළ බොදු හඬ සංවිධානය කොළඹ 07 නිදහස් චත්‍රරස්‍රයේදී අද (11) පැවැත්වූ සමුළුවකට එක්වෙමින් කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ මේ බව සඳහන් කළහ.
එහිදී සිංහලයන්ගේ අතීත ක්‍රියාකාරකම් සහ සිංහලයාට අපේ රට රැකගැනීමේ ඓතිහාසික වටිනාකම ඇතුළත් නිදහස් ප්‍රකාශය හෙළ බොදු හඬ සංවිධානය විසින් ධම්මාවාස නාහිමියන් වෙත පිළිගැන්විණි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ නායක හාමුදුරුවනේ... කොහෙද ඔය කියන අැද වැටීම සිද්දවෙලා තියෙන්නේ? අපට නම් පෙනෙන්නේ අපේ විරෝදාර පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවන් සහ ඔත්තුසේවා එකතුව ක්ෂණයකින් මේ ප්රහාරයන්ට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඇති උසස් ආකාරයයි. රටේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කෙරීගෙන යන බවත් පෙනෙන්නට තියෙනවා. ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරයෙන් ඒ බව හොඳ හැටි පෙනී ගියා. මේවා අපගේ මාධ්‍යවලින් පෙන්වා දෙන්නේ නැතිඑක වෙනම කතාවක්... ඒ නිසා තමයි ඔබ වහන්සේටත් ඔයවගේ සිතුවිල්ලක් පහළවෙන තත්වයේ කියලයි හිතෙන්නේ...
සාදු සාදු සාදු !!! විය යුත්තේ එයයි... සිංහලයන් එකතු විය යුතුයි.
ඇතැමෙක් ඇමෙරිකානු පුරවැසියෝය. තව කෙනෙක්ගේ ළමයින් වෙන රටක පුරවැසියෝය. බොහෝ දෙනෙක් ළමයින්ට උගන්වන්නේ පිටරට යැවීමේ අරමුණෙන්. එනමුදු අපි සිහලේ රටක් පතමු
රටක් ආගමික වශයෙන් නැගිටීමේ උවමනාව කුමක්ද? ස්වාමීන් වහන්සේ අතීතයේ විවිධ අවස්ථාල රට බේරා ගැනීමට කටයුතු කිරීම, හුදු ශ්‍රී ලාංකිකයන් ලෙස මැදිහත් වීමක් පමණයි. වරද එය වැරදි ලෙස වටහාගැනීමයි. ආගමක් දේශපාලනික වීම තරම් වෙනත් විනාශයක් රටකට නැත. ඉස්ලාමීය රාජ්‍ය සංකල්පයත් එහි එක ප්‍රතිඵලයක් බව කවුරුත් තේරුම් ගත යුතුයි. රටක් නැගිය යුත්තේ දේශපාලනිකව මිස ආගමික නොවේ. අපි සටන් වැදිය යුත්තේ එය සඳහායි.
සිංහලේ ...?????... අපි හදමු මිනිස් ලේ තියන මිනිස්සු ඉන්න රටක්... සත්තු සත්තු මයි. (බුද්ධිය තියෙන අයට පමණි....)
සිංහල කියන කොටම බයවෙන කොලපාට පිල්ලි ඉන්නවා. ඉන්දියන් අගමැති ආවේ අපිට ආදරේට නෙවේ තෑග්ගට ස්තුති කරලා යන්න.
අවසරයි අපේ හාමුදුරුවනේ .. මේ රට සිංහල නොවේ කියන්නෙත් එයට උඩ ගෙඩි දෙමින් ජාතිය පරිහානියට ගෙනියන්නෙත් දේශපාලන බලවේග සහ ඒවාට කත් අදින ගැත්තන්. සාමාන්‍ය ජනතාව වන අපි හැම මොහොතකම උත්සහ කරන්නේ අපේ ජාතික අනන්‍යතාවය රකින්න සහ පවත්වාගෙන යන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් ඔය දේශපාලන කනහිල්ලු ඔබවහන්සේලාගේ දෙපතුලට ඇවිල්ලා එකෙනුත් දේශපාලන වාසි ගන්න හදනකොට පිරිත් නුලක් බදිනවා වෙනුවට කෙවිටකින් තලා පන්නා දමන්න , උන්ට මුනටම ඔබවහන්සේලාගේ අප්‍රසාදය පෙන්වන්න පුළුවන් නම් .. අපිට අපේ ජාතිය ගොඩ ගන්න පුළුවන් වෙයි ...
ඉතිහාසයක් නොදන්නා, අසත්පුරුෂ ගති හොබවන, නිවටයින් නොදන්නවාට හෙළය, හෙළ බොදු වුණේ දේවානම්පියතිස්ස රජ සමයේ මිහිදු, සංඝමිත්තා යන මහ රහතන් වහන්සේලා ගෙන්. හෙළය රකින්න කවදත් ළය දුන්නේ හෙළ බොදු විරුවන්මයි
කව්රු කොහේ ගියත් , කාගෙ ළමෝ කොහේ ඉගෙනීම ලැබුවත් , සිංහලේ රට ජාතිය ආගමට ආදරය කරන මිනිස්සු මේ රටේ මදි නොකියන්න ඉන්නවා. හාමුදුර්වනේ ඔබ වහන්සේ ගේ නිර්බීත උජි පටි පන්න ගුණය රටක් වටිනවා , අපේ සිංහලේ රට කවදත් බේරා ගත්තේ කහ සිවුර.
හාමුදුරුවරු දේශපාලන කතා කරන එක , අනික් ආගම් විවේචනය කරන එක නවත්තලා, බෞද්ධයන්ව පන්සල් කරා නෑවත ගෙන්වා ගන්න ක්‍රමයක් නන්වන්න. දෑන් පන්සල් යන්නෙ වයසක මිනිස්සු විතරයි. ඒ යන්නෙත් ඉතාම අඩුවෙන්. පන්සලයි දායකයොයි අතරෙ බෑදීම අඩු වෙලා තියෙන්නෙ. පන්සල් තනිකරම කොන්ක්‍රීට් වනාන්තර වෙලා .
අවසරයි අපේ නායක හාමුදුරුවනේ මේ රට මේ තත්වයට පත් උනේ මේ වසල දේශපාලන නායකයින් නිසානේ. ඔබ වහන්සේ කියන රට ගොඩ ගැනීමට අපහසු වෙලා තියෙන්නේ අපේ ජාතියේ තියන එකමුතු කමක් නැති නිසා නේද? අඩු වශයෙන් ඔබ වහන්සේලවත් එකමුතුද? සමා වෙන්න මෙහෙම කියනවට අපේ හාමුදුරුවෝ කෙනෙක් ඔවුන්ට එරෙහි වෙනකොට තව කෙනෙක් සෙත් පතනවා.