(සුජිත් හේවාජූලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරයට විවිධ අයුරින් සම්බන්ධ වී ඇතැයි කියන අන්තවාදී කණ්ඩායම්වල දස දෙනකු විදේශයන් හි සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ ඕස්ට්‍රෙිලියාව,ඩුබායි හා කටාර් රාජ්‍යයන්හි සිටින දස දෙනකු බව ද වීරසේකර මහතා කියයි.
මෙම පිරිස එම රටවල සිට විවිධ අන්තවාදි අදහස් පතුරුවා ඇති බවට තොරතුරු හෙළි වී තිබෙන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පුස් වෙඩිල්ලක්...
කටින් වැඩ කෝටියයි...
ඔය සේරම කලේ දහදෙනෙක්ද අප්පා? එ්කත් හරියට අර ගව ඝාතනය නවත්වනවා. බුර්කාව තහනම් කරනවා, මද්රසා පාසල් සේරම වහලා දානවා, තරුණයින්ට හමුදා පුහුණුව දෙනවා. මත්ද්‍රව්‍ය නවත්වනවා, සෞභාග්‍යමත් රටක් හදනවා, එක රටක් එක නීතියක් කිව්වා වගේද දන්නේ නෑ නේද?
බයිලා තමයි...
අනේ කටින් බතලකොළ හිටවන්නේ නැතිව ඉන්න. ඔයා දැන් ජෝකර් කෙනෙක් වෙලා අවසන්.
මෙයාගේ කට විතරයි...
මෙයා හොඳයි.., කසිප්පු කුඩු අල්ලන්න දක්ෂ නිලධාරීන් ස්ථාන මාරුකරන්න. අනේ මේ පාලනය තුළ මේ මේජර් ජෙනරාල්ලාගේ කයිවාරු විතරයි.
මෙය ප්‍රමාද වී හෝ සිදුකරනවා නම් වටින්නේ ඉතාම අහිංසක ලෙස ජීවිත ගත කරන, සතුරාටත් ප්‍රේම කරන්නට ඉගැන් වූ දෙවි කෙනෙකුගේ අනුගාමික මිනිසුන් මැරීම තව ආගමක් අදහන අය කළ බව කෙසේවෙතත් මිනිස්කමට නිගා දෙන බැවිනි.
මෙතුමා කියපු සේරම බොරු විතරයි