(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ අද (6) නඩු පවරයි.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.
මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ ඉල්ලීමක්. මේ වැඩේ කරන්න තිබුණේ දැනට අවුරුදු 2 කට පමණ පෙර. රාජකාරිය හරියට කරන්න දැන්නේ නැත්නම්. ඒවාට වේලාවක් නැත්නම් කරුමෙටද ඔය තනතුරු බාර ගන්නේ. මහජන මුදල් වලින් සියලුම වරප්‍රසාද භුක්ති විදිමින් විනෝද වෙන දේශපාලකයනට, රජයේ නිලධාරීන්ට මේක හොඳ පාඩමක්.
ආරක්ෂාවට වගකියන නායකයෙක් නේ පත්වෙලා ඉන්නේ. සාධාරණය ඉෂ්ට කරන හැටි බලන්ඩ බැරි යැ .දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ?
මේ විපතට පත් අහිංසක මිනිස්සුන්ට සියලු පුරවැසියන් උදව් කරන එක තමයි යුතුකම... මොවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. වගකීම් පැහැර හැරිය අය කිසිම ලැජ්ජාවක් නැතිව තවමත් මහජන නියෝජිතයෝ ලෙස කටයුතු කරමින් මේ රටේ මිනිස්සුන්ගේ මුදල්වලින් යැපෙනවා. දැන්වත් මේවා අතහැරලා ගෙදර ගියා නම් හොඳ නැද්ද?
ජාත්‍යන්තර සහ අනෙකුත් ඔත්තු සේවා මගින් හිටපු ජනාධිපතිට පාස්කු ප්‍රහාරය ගැන ... 500 වතාවකටත් වැඩිය දැනුම්දී තිබිලත්.. කිසිම දෙයක් නොකිරීම ගැන ප්‍රධාන වැරැදිකරු වන්නේ ඔහුය. මේ මහා ජීවිත විනාශයට කොමිසමේ නිර්දේශ අනුව ඔහුව හිරේ දැමිය යුතුමයි.
පාස්කු ප්‍රහාරයෙන් අනාථ වුනේ, අබ්බගාතයන් වුනේ, අසරණ වුනේ නැති බැරි අහිංසක මිනිස්සු. ඔවුන් කොයිතරම් මැරි, මැරී ඉපදෙනවාද කියන එක අපියි දන්නේ... පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආපු දේශපාලුවන්ට නම් කැක්කුමක් නැතුව ඇති. ප්‍රහාරය කරපු, කරවපු අය හැමෝටම ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබේවා .