IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් හිටපු ජනාධිපති, අගමැති,පොලිස්පති ඇතුළු පිරිසට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ  අද (6) නඩු පවරයි.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම නිසා තම ඥාතීන් මියගිය බව තවත් පිරිසක් සදාකාලික ආබාධාත වූ බවත් තවත් පිරිසකට බරපතල තුවාල සිදු වූ බවත් පෙත්සම්වල සඳහන් වේ.

මෙම ප්‍රහාර වළක්වීමට වගඋත්තරකරුවන්ට හැකියාව තිබියදී එය නොකිරීම නිසා තම ඥාතින්ට සිදුවු හානි සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ වන්දි අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

 

 



අදහස් (5)

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන්ගෙන් වන්දි ඉල්ලා නඩු මගට

de silva Tuesday, 06 April 2021 08:24 AM

සාධාරණ ඉල්ලීමක්. මේ වැඩේ කරන්න තිබුණේ දැනට අවුරුදු 2 කට පමණ පෙර. රාජකාරිය හරියට කරන්න දැන්නේ නැත්නම්. ඒවාට වේලාවක් නැත්නම් කරුමෙටද ඔය තනතුරු බාර ගන්නේ. මහජන මුදල් වලින් සියලුම වරප්‍රසාද භුක්ති විදිමින් විනෝද වෙන දේශපාලකයනට, රජයේ නිලධාරීන්ට මේක හොඳ පාඩමක්.

:       1       56

විපරමා Tuesday, 06 April 2021 09:59 AM

ආරක්ෂාවට වගකියන නායකයෙක් නේ පත්වෙලා ඉන්නේ. සාධාරණය ඉෂ්ට කරන හැටි බලන්ඩ බැරි යැ .දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ?

:       5       38

ranjith Tuesday, 06 April 2021 11:01 AM

මේ විපතට පත් අහිංසක මිනිස්සුන්ට සියලු පුරවැසියන් උදව් කරන එක තමයි යුතුකම... මොවුන්ගේ ඉල්ලීම් සාධාරණයි. වගකීම් පැහැර හැරිය අය කිසිම ලැජ්ජාවක් නැතිව තවමත් මහජන නියෝජිතයෝ ලෙස කටයුතු කරමින් මේ රටේ මිනිස්සුන්ගේ මුදල්වලින් යැපෙනවා. දැන්වත් මේවා අතහැරලා ගෙදර ගියා නම් හොඳ නැද්ද?

:       0       7

Sanka Tuesday, 06 April 2021 11:07 AM

ජාත්‍යන්තර සහ අනෙකුත් ඔත්තු සේවා මගින් හිටපු ජනාධිපතිට පාස්කු ප්‍රහාරය ගැන ... 500 වතාවකටත් වැඩිය දැනුම්දී තිබිලත්.. කිසිම දෙයක් නොකිරීම ගැන ප්‍රධාන වැරැදිකරු වන්නේ ඔහුය. මේ මහා ජීවිත විනාශයට කොමිසමේ නිර්දේශ අනුව ඔහුව හිරේ දැමිය යුතුමයි.

:       0       12

ගමේ එකාලා Tuesday, 06 April 2021 02:40 PM

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වුනේ, අබ්බගාතයන් වුනේ, අසරණ වුනේ නැති බැරි අහිංසක මිනිස්සු. ඔවුන් කොයිතරම් මැරි, මැරී ඉපදෙනවාද කියන එක අපියි දන්නේ... පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආපු දේශපාලුවන්ට නම් කැක්කුමක් නැතුව ඇති. ප්‍රහාරය කරපු, කරවපු අය හැමෝටම ස්වභාව ධර්මයෙන් හරි දඬුවම් ලැබේවා .

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site