(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මාස දෙකකින් නීතිය හමුවට ගෙන එන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් අද ඒ පොරොන්දු පුස්සක් බවට පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ කොමිෂන් වාර්තාව රජයේ පාර්ශවයෙන් පවා දැඩි විවේචනයට ලක්වන අයුරු අප දුටුවා. ඊට හේතු වන්නේ මේ වාර්තාව මරණ පරීක්ෂණ වාර්තාවක් බවට පත්වීමයි. . ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් නොවන බව ජනතාව දැන් තේරුම් ගෙන තිබෙනවා. එය තේරුම් ගැනීමට අපට බුද්ධියක් තිබෙනවා.යනුවෙන් ද පාස්කු වාර්තාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා විවාදයට එක්වෙමින් සරත් ෆොන්සේකා මහතා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාත් හිටපු කොමිටි වාර්තාවෙන් වරදකාරයින් කරපු අය කවුද? අනේ අපිටත් කියන්න. කාටද දඬුවම් දුන්නේ? මේ වාර්තාවෙන් වැරදිකාරයින් කරපු අය ඔබතුමාලා නිදහස් කළා නේද? එ්ක අැත්තක්ද?
හිටපු හමුදාපති මෙන් රට බේරාගත් අභීත සෙන්පතියන්ගේ කෙනෙකු හැටියට ඔබ කෙරෙහි අප හද තුළ ඇත්තේ අසීමිත වූ ගෞරවයකි, ආදරයකි. එය ලංකා මාතාවගේ මෙන්ම අප හද තුළද රන් අකුරෙන් ලියවී ඇත. එය මොන ජගතාටද, කිසිවිට වෙනස් කර නොහැක. එලෙසම ඔබ දේශපාලුවන්ගේ අසුචි වලට පැන යමින් අසුචි නාමින් ගිලෙමින් සිටින තවත් දේශපාලුවෙකු ලෙස අප හද තුළ ඇත්තේ වචනවලින් සඳහන් කිරීමට අපහසු, අසෝබන වචන සමුදායකි. එයද සක්කරයාටවත් වෙනස් කිරීම කළ නොහැක. බලය ලබාගැනුම වෙනුවෙන්ම සත්‍ය අසත්‍ය කරන හොඳනරක, කරන නරක හොඳ කරන මෙන් කා මරාගන්නා දියවන්නාව පට්ටියේ පාදඩයින්ගේ සමාජිකයකු වී මොහු විසින් බලෙන්ම ලබාගත් තත්වයකි...