
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් අද (30) ගොනු කරනු ලැබ ඇත.
එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.
ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ ඉකුත් 16 වැනිදාය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න කිසිම අවශ්යතවයක් නැහැ තමන් එම කලයෙ අරක්ශක ඇමතිකම දැරුවනම් , ඔත්තුව කලින් ලැබිලත් නොසලකා සිටියනම්, තමන් මෙකට රටට සහ පුරවසියන්ට වගකියන්න ඔනෙ , එම කලය තුල දීමනා සහ වරප්‍රරසාද රටෙ බදු ගෙවන ජනතාව විසින් ඔබට ගෙවා ඇත.
ඔතුව ලැබිලත් මොහු වගකිම් ඉටු නොකල නිස 300 පමන මැරිල 200 පමන සදාකාලික අබ්බගාත වෙලා , රටට්ට ඩොලර් කොටි ගනනක ආර්තික විනශයක් වෙලා , හරි නම් මොහු ඉන්න ඔනෙ හිරෙ, තවමත් අපෙ බදු මුදලින් නිල නිවස , බෙන්ස් කාර් සහ අරක්ශකයො අතුලු වරප්‍රසාද ලබමින් සුපිරි ජිවිතයක් ගත කරන්ව , කරපු වැරදි ඔප්පු කරල මොහු හිරෙ අරිමු රටට විශල මුදලක් ඉතුරු වෙනව, මොහුට වියඩම් කරන මුඩලෙන් ඩුපත් පවු 100 කට කන්න ඩෙන්න පුලුවන්,
මෛත්‍රී රට කෑව
සිරිසේන මහතා යහපාලකන් කාලේ හමබ්යෝ කඩු 6000 පමණ ගෙන්වා පල්ලිවලට බෙදා හැරීම ගැන ප්‍රශ්න කරන්න.