
(ඉන්දිකා රාමනායක)
ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරණ "ශ්‍රි ලංකා විවාහක රූ රැජින නාමය" අද (8) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට විවාහක රූ රැජින සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පියවර ගෙන ඇත.
තම සංවිධානයට පැවරී ඇති නීත්යාලනුකූල බලතල අනුව මෙම පියවර ගත් බවත්, ඒ අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට "ශ්‍රී ලංකා විවාහක රූ රැජින" යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්යවන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීමට නොහැකි බව එම කමිටුවේ අධ්‍යක්ෂවරයා මෙන්ම ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජින තරඟයට ඉදිරිපත් වු පුෂ්පිකා ද සිල්වා එම පදවිය දරාගෙන රටේ ගරුත්වයට හානි වන සේ විනය සහ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් හැසිරී ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඇගේ වැරදි හැසිරීම, ප්‍රසිද්ධියේ බොරු චෝදනා කිරීම, හෙළා දකින බවත්, රූ රැජිනකින් බලාපෙරොත්තු වන ආචාර ධර්ම හා විනය ඇය උල්ලංඝනය කර ඇති බවට පැහැදිලිව පෙනී යන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
රට නියෝජනය කරමින් දූත මෙහෙවරක් කරන අයකුට ඒ ආකාරයේ හැසිරීම කිසිසේත් සුදුසු නොවන බවද තමන් ප්‍රසිද්ධියේ චෝදනා කරන බවද චන්දිමාල් ජයසිංහ මහතාගේ නිවේදනයේ සඳහන් වේ.
පුෂ්පිකා ද සිල්වාට මින් ඉදිරියට ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළට අයත් නාමය දේශිය හෝ අන්තර් ජාතික වශයෙක් භාවිතා කරන්න අයිතියන් නොමැති බවද චන්දිමාල් ජයසිංහ මහතා දන්වා සිටියි.
යම් හෙයකින් මින් ඉදිරියට දේශිය වශයෙන් හා අන්තර් ජාතික වශයෙන් එම නාමය භාවිතා කළ හොත් ඇයට විරුද්ධව නීත්‍යානුකුළ ක්‍රියා මාර්ග ගන්නා බවට ද එම නිවේදනයේ වැඩිදුරටත් වේ.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගිය ජනවාරි මස 25 වැනි දින ඇමැරිකාවේ දී තරඟ වැදුන අතර එහිදී ඇයට එම තරගයේ අවසන් 6 දෙනා අතරට පැමිණීමට හැකි විය.
එම සිද්ධියෙන් පසු තමාට හිමිවීමට නියමිතව තිබු ලෝක විවාහක රූ රැජින කිරුළ කුමන්ත්‍රනකාරි ලෙස තමට අහිමි කළ බවට ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කිහිප දෙනෙකු වෙතම චෝදනා එල්ල කර තිබිණි.
පුෂ්පිකා ද සිල්වා මහත්මිය 2021 වසරේ අප්‍රේල් මස 04 වැනි දින නෙළුම් පොකුණ රගහලේ දී පැවැති තරඟයකින් පසු ශ්‍රි ලංකා විවාහක කිරුළ දිනාගන්නා ලදි.
ශ්‍රි ලංකා විවාහක රූ රැජින කිරුළ පළදා සුළු මොහොතකින් ලෝක විවාහක රූ රැජිනව සිටි 2020 ශ්‍රි ලංකා රූ රැජින හා හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි මහත්මිය විසින් එය පුෂ්පිකාගෙන් ගලවා අනුශූරත්වය ලබාගත් තරඟකාරියට පැළද වීම නිසා හටගත් අරබුධකාරි තත්ත්වය දෙස් විදෙස් බොහෝ පිරිසගේ අවදානයට ලක්විය.
මෙම සිද්ධියෙන් පසු 2020 ශ්‍රි ලංකා රූ රැජින හා හිටපු ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජින කිරුළ නැවත බාර දෙන ලදි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
+



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එදා කැරොලින් මැඩම් කරපු වෙලාවේ පිළිගත්තා නම් මේ එක ජරමරයක්වත් වෙන්නේ නැහැනේ..
ඔක්කොම එකයි..
ඒ වුනාට, ඇයට " හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ " යන්න භාවිතා කළ හැකිය. එය කාටවත් නැවැත්වීමට නොහැකිය. එසේම ඇය ලෝක විවාහක රූ රැජිණ තරඟයේ අවසන් හයදෙනා අතරට පැමිණි බවත්, සඳහන් කළ හැකිය. එය වැළැක්වීමටද, කිසිවෙකු හට නොහැකිය.
මෙන්න මේවා තමා රටේ දැවෙන ප්‍රශ්න
අනුන්ට කැපූ වලේ තමන්ම වැටෙයි බොලේ...
හාල් ගණන් ඒවා, ගැස් පිපිරීම්, කිරි පිටි පෝලිම් වගේ ඒවත් ප්‍රශ්නද අපිට? මේවානේ රටේ දැවෙන ප්‍රශ්න... දැන් නම් අපේ රට ලෝකයේ ලොකුම විහිළුව වෙලා ඉවරයි.. රෙස්පෙක්ට් සර්...
මළ සමයන් ......!
තරගයකදී ලත්ජය එක් අයකුගේ පෑන් පහරින් ඉවත් වෙලා. මේක යට තවතවත් සැඟවුණු දේ ඇති...
කවුරු කිරුළ ගැලෙව්වත් ජනතාවගේ රූ රැජිණ ඔබයි.
කට හින්දා නහින්නේ මාළුවන් විතරක්ම නෙමෙයි වගේ...!
මේක ඉතින් රටේ දැවෙන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එදා කැරොලින් මෙයාගේ ඔටුන්න ගැලෙව්වේ හේතුවක් තිබුණු නිසා... එදානම් චන්දිමාල් හිටියේ වෙන මතයක... මොකද දන්නේ නැහැ චතුරාර්ය සත්‍යය අවබෝධවෙලා තියෙන්නේ...!
අනේ පව් චන්දිමාල්..!
එදා කැරොලයින් ජූරිට පැන පැන ෆේස් බුක්වලින් පහර දුන් වැඩිදෙනෙක් කාන්තාවන්... මේ වගේ ෆේස් බුක් එකෙන් ඇයට ගහපු බොහෝදෙනෙක් බුද්ධියට පෙර රැල්ලට දුවගොස් නන්නත්තාර වෙන ගණයේ අය... කැරොලයින් ජූරි ප්‍රතිපත්තිගරුක නැති සමාජයක එඩිතර වූ හැටි අපේ සමාජයේ හරිම විරලයි. ඒත් කැරොලයින්ගේ සුන්දර පවුලට යළිත් මෙවැනි බොරුවට ආවඩන අයගේ නපුරු ප්‍රතිචාර නොලැබේවා..!
මේවා තමයි මළ සමයං...! මෙහෙ මිනිස්සුන්ට පාන් කියාගන්න බැරිව ඉන්නවා...!
දිට්ඨධම්ම වේදනීය කර්ම.... පුද්ගලයා කවුරු වුණත් තමන්ගේ රටට හිමිවෙලා තිබුණු කිරුළත් අහිමි කළානේ...
පිම්මි වැඩ සහ අභිසරු කිරුළු