
(අංජුල මහික වීරරත්න)
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ය.
පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 3 ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 04
294
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පවුල් සෞඛ්‍ය සේවා ගැටලු ලිහන්න තාක්ෂණ කමිටුවක්