
(අංජුල මහික වීරරත්න)
පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීම සදහා විශේෂ තාක්ෂණික කමිටුවක් පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම කමිටුව කරුණු අධ්‍යනය කර ලබා දෙන නිර්දේශ, නිර්ණායක මත එම ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ පවුල් සෞඛ්‍ය සේවාවේ මේ වන විට පැනනැගී ඇති ගැටළු විසදීමේ අරමුණින් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ නියෝජිතයන් සමග සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී ය.
පවුල් සෞඛ්‍ය සේවා පුහුණුව වසර 3 ක් දක්වා දීර්ඝ කිරීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත්කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල් ස්ථාපිත කිරීම, අතිකාල සේවා දීමනා මෙන්ම පරිවර්තන ගමන් වියදම් දීමනා ආදී කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd