
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව නුවරගම් කොළනිය, පඩිකාරමඩුව දී අද අලුයම 2.00 ට පමණ නිවෙසකට ගිනි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට හෙළිවැණැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් ගිනි තැබූ බව කියන පියා ඇතුළුව තිදෙනකු මියගිය බව ද පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය (43)සැමියා, ඔහුගේ බිරිය ප්‍රභාෂා සඳමාලි ජයරත්න (36) සහ දියණිය ඩිමල්කා ජයශානි (13) යන තිදෙනාය.
බිරිය සහ දරුවන් බිරියගේ මව පදිංචි නිවසේ සිටියදි සැමියා එම නිවෙසට පැමිණ මෙම ගිනි තැබීම කර ඇති බවට මෙතෙක් කළ පරික්ෂණ වලින් හෙළිවි ඇති බව පොලිසිය කියයි.
--------------------------------------------------
(දයාරත්න ඇඹෝගම සහ චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)
නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසකට එම නිවසේම හිමිකරු ගිනි තැබිම නිසා එම පුද්ගලයාත් ඔහුගේ 13 හැවිරිදි දියණියත් මිය ගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා අද (06) අලුයම රෝහල් ගත කොට ඇති බව ගළෙන්බිදුණුවැව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගලෙන්බිදුනුවැව පඩිකාරමුව,ගලෙන්බිදුණුවැව පදිංචිව සිටි නිවසේ හිමිකරු වන සාමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය (43) හා ඩිමල්කා ජයශානි ප්රදිප්ප්රිය (වයස 13) නැමති පියා සහ දියණියයි.
මෙම සිද්ධියෙන් බිරිදගේ මව වන 66 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක, මිය ගිය පුද්ගලයාගේ බිරිය (36) – දියණිය (15) )පුතා (21) සිවු දෙනාද තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් වෙන්ව තම දරුවන් තිදෙනා සමග මවගේ නිවසට පැමිණ සිටියදී සැමියා රාත්‍රි නිවසට ඇතුළු වී ප්රෙට්රල් දමා නිවසට ගිනි තබා ඇති බව මුලික පොලිස් පරික්ෂණයේදි අනාවරණය වු බව පොලිසිය කියයි.
මෙම ගිනි තැබිම සිදුකරන අවස්ථාවේ නිවසේ බිරිද , දියණියන් දෙදෙනා සහ බිරිඳගේ මව පමණක් සිට ඇති අතර ගිනිතැබිම සිදුවන අවස්ථාවේ පිරිම් දරුවා නිවසේ සිට නොමැති අතර සිද්දිය සැලවීමෙන් පසු එම ස්ථානයට පැමිණ මව සහ සහෝදරියන් බේරා ගැනීමට යාමේදී පිලිස්සිම් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් පොලිසිය කියයි.
ඡායා චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගී ලකුණු පෙනෙනවා නම් අසාමාන්‍ය හැසිරීම් එහෙම පේනවා නම් ඉක්මනින් බෙහෙත් ගන්න.
මේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා