(ඩයනා උදයංගනී)
ලැබෙන පළමු අවස්ථාවේදීම පවතින රජය පෙරළා දමා නව රජයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී දිසානායක මහතා පැවසීය.
ඡන්දයකින් හෝ වෙනත් ආකාරයකින් එය සිදුකරන බව කී දිසානායක මහතා ඉක්මණින් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීවේය.
රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පක්ෂ භේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව පෙරළා යළිත් අලූත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බව ද එස්.බී දිසානායක මහතා කීවේය.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව රජයක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමෙන් පෙනී යන්නේ ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව යැයි ද පැවසීය.
එස්.බී දිසානායක මහතා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ ‘නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී’ අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැතිකම තමයි, එක සැරයක් කෙසේ හෝ ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ගිහින් අනාගත්තා නේද?
මේවට තමයි " කටින් බතල" කියන්නේ..
මේ වගේ බූරුවෝ ඉන්නකම් ආණ්ඩුවට හොඳයි. එක සැරයක් නාගත්තා... මොනවා හරි පටන් ගන්න.
ඔව් ඔව්, රට යකාට ගියත් බලේ තමා ඕනේ...
බල පෙරේතකම තවම තියනවා. මෙයාලට කමක් නැහැ රටට හෙන ගැහුවත් බලය තියනවා නම්.
එස්.බී. මහත්තයෝ ඕනේ ආණ්ඩුවක් හදාගන්න. මහින්ද රාජපක්ෂට කරදර නොකර... කරපු කරදර තවම ඉවරවෙලා නැහැ..
ස.බ.මහත්තයෝ..., ආණ්ඩුව පෙරලනකොට ටිකක් පරිස්සමින්, එ් මොකද මහත්තයා ආණ්ඩුවට යටවෙන්න පුළුවන්. ඔයිට කලිනුත් මහත්තය ආණ්ඩුවලට කීපවතාවක්ම යටවෙලා තියන බව අපි දන්නවා. සුබ අනාගතයක්...!!!
මෙයාට අමු කැවිලද? රජය පෙරලන්න ගිහින් රෙදිත් නැතුව තාම ඉන්නේ දැන් ටිකක් නාගෙන, සල්ලි ටිකකුත් හොයාගෙනම, බොරුකියන්න කටත් හදාගෙනම එන්න.
වෙනත් ආකාරයකින් ආණ්ඩුව පෙරලන උප්පර වැට්ටියක් හැටියට වෙන්න ඇති තැරවුකාරයන් දාලා බුද්ධ පිළිම කඩවලා වාර්ගිකගැටුමක් අවුස්සන්න බලන්නේ.. එහෙම නේද?
තමුන්ට තියෙන ආසාව ආණ්ඩුව පෙරලලා ඇමැතිකම් ගන්න. රට දියුණු කරන්න ආසාවක් ඇත්තෙම නැහැ. අනේ රටකට ගිය කලක්...
ඉතින් ඇයි 103කට වඩා හිටියා නම් බලුවෙලා විපක්ශෙට අයෙත් පැන්නේ? ඇත්ත කතාව 60ක් වත් නෑ නේ. නැත්තම් ඇවිත් විරුද්ධව ඡන්දය හරි දෙන්න තිබුනානේ. පස්සේ දොරෙන් ඇවිත් පිස්සු කියවනවා. මේ වගේ පිස්සෝ තමයි අරයා කයිවාරු ගහගහ ජාතික ලැයිස්තුවෙන් ගෙනත් තියෙන්නේ උගත්, බුද්ධිමත් අය වෙනුවට...
තමුන්නාන්සේ ගෙදරින් සල්ලි අරගෙන එන්න ඡන්දෙට වියදම් කරන්න. අපේ බදු සල්ලිවලට අත තියන්නේ නැතුව.
ඕනෑම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක්ම වාදනය කරන්නේ එකම තැටියයි! අපි පොඩි කාලේ දැකපු දෙයක් මට මතක් වෙනවා. එනම් ග්රැමෆෝනයක් ඉදිරියේ ඉන්නා සුනඛයෙක් එයින් වාදනය වෙන තැටියට අසා සිටින අන්දමයි. පසුගිය සතියේ හිටපු "ලොක්කා" කියා සිටියා ලැබෙන මුල්ම තත්පරයේදීම රනිල් රජය පෙරලා දමන්න කැහැපොට ගසාගෙන ඉන්නවා කියා! එයාගේ ගෝල බාලයෝ, හෙන්චයියලා කියන්නෙත් ඒකමයි! "ඡන්දයකින් හෝ වෙනත් ආකාරයකින්...." ඔක්තෝබර් මාසයේදීත් 'කවුදෝ කෙනෙක්' රනිල් රජය පෙරලා දමා මහින්ද රජ කරවපු විදිය අපටත් ශිෂ්ට ලෝකයටත් තවම අමතක නැහැ නේද? ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාස වාර්තා පොතට මහින්ද සමාගම එකතු කිරීම ගැන රටේ නායකයාට ඔබලා තවමත් පින් දෙනවාද?
රටට ටිකක් හරි ආදරයක් තියෙනවා නම් ගියපාර වගේ තක්කඩි වැඩක් කරන්න එපා.
මෙයා මෙච්චර වයසට යනකල් රටට කල සේවය නම් ආණ්ඩු පෙරලා ඔහු දියුණු වීම පමණයි. ජනතාව මහපාරේ. ත්‍රස්තවාදී පනත යටතේ දඬුවම් දිය යුතුයි.
ඔක්කොටෝම ඉස්සෙල්ලා මන්ත්‍රී ආසනයක් දිනා ගන්න බලනවා.
අනේ මහත්තයෝ ඔයාලගේ කෙරුවාව ලෝකයම දැක්කා. දැන්වත් අපේ ඉදිරි පරපුරට රටක් ඉතුරු කරන්න. ඔය කතා නැවැත්තුවොත් හොඳයි.
මෙවැනි පුද්ගලයන් ලං කර ගැනීමෙන් මහින්දගේ ඡන්ද එකක් හරි අඩුවෙනවා කියලයි මට හිතෙන්නේ. කට ඇරියොත් බොරුවක් නැත්නම් කිසිම කමකට නැති දෙයක් කියන්නේ...
ආයේ පිස්සුවක් කෙලින්නද හදන්නේ?
ඔක්තෝබර් 26 පෙරලපු ආණ්ඩුවට මොකදවුනේ? එ්කත් මදුරුවගේ ආයුෂ වගේ. ආණ්ඩු පෙරලන්න හෝ පිහිටුවන්න කලින්, අඩුම තරමින් කුමාර වෙල්ගම මහතාව දිනාගන්න බලන්න. ඡන්දයකින් දිනන්න බැරි කෙනාද ආණ්ඩු පෙරලන්න පම්බෝරි ගහන්නේ? මහින්ද මහත්තයත් මෙයාගේ ලණු කාලා, නිකම් පීචං වුණා.
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාටයි.
"රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන්……" මේ වාක්‍යය ඇහෙනකොට මට හිතුනේ එස්.බී එංගලන්තයේ හෝ කිසියම් බටහිර රටක පාර්ලිමේන්තුවක් ගැන කතා කරනවා කියා. මෙහෙම දවල් හීන දකින මිනිහෙක් ජීවිතේටම මම දැකල නැහැ. ජාතියේ අවාසනාවට දේශපාලනයට ආ මිනිස්සු.
අත්අඩංගුවට ගෙන සිරභාරයට ගන්න හැකි ප්‍රකාශයක් කර තිබෙන්නේ.. බලධාරියෝ නිසි පියවර ගනු ඇතැයි සිතමි.
ඕවා ඔක්කොම අභායාරාමේ කියන කතා වගේ.
මේ තමයි මේ අය කරන දේශපාලනය... අතේ සතේ නැතුව දේශපාලනේට බැස්ස අද කෝටිපතියෝ. ඔය තමයි මේ කාලකන්නි මේ රටට කල සේවය... අනේ මේ අයට මේ අපරාධවලට දඬුවම් ලැබෙන්නේ කවදද?
කොහොමද බලයට, නිලයට, මුදලට තියෙන පෙරේතකම...? රටේ ජනතාව කියනවද මේ රජය පෙරලන්න කියලා.. තමන්ගේ පක්ෂයේ හෙන්චයියෝ ටිකක් ඉස්සර කරගෙන පාර දිගේ දැඟලුවට රටේ සමස්ත ජනතාවට වුවමනා නව රජයක් නොවෙයි. පත් කරගෙන ඉන්න රජයෙන් ජනතාවට සාධාරණ ලෙස සහ නිදහසේ ජීවත් වීමේ අයිතිය විතරයි. ඔයගොල්ලන්ගේ ආශාවට ආණ්ඩු පෙරලපෙරලා ඡන්ද තියන්න ගියොත් රටේ ජනතාවට වැඩක් වෙයිද?
මෙයා මොනවද මේ කියන්නේ? පිනට පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩු පෙරලන කතා. ඊයේ පෙරේදා හොර පාරෙන් පෙරලන්න ගියා, එ්ක බැරි වුණා. නීතියෙන් තීන්දු ලැබුණා. දැන් අායෙත් පෙරලන කතා... ඔයාලගේ දේශපාලනය දැන් ඉවරයි. ලබන පාර අාවොත් ඇපත් නැතිවෙනවා. රටේ මිනිස්සු ඔයාට වඩා ඥාණවන්තයි.
අනේ බම්බුව ඔහෙලා වගේ එහෙට මෙහෙට වාසිය තකා පනින රිලවුන් නිසා තමයි අපේ රට අද මේ විදියට ප්‍රපාතයට වැටිලා තියෙන්නේ... ඔක්කෝටම කලින් හරි හැටි දේශපාලන සදාචාරය ඉගෙන ගන්න.
ඔව් රංගේ... ඒක තමයි කරන්න ඕනෑ..
ලැජ්ජා නහරේ කියලා එකක් නැතුව ඇති...
පව්... මෙයාගේ කටවිතරයි. රන්ගෙ... රන්ගෙද?
ඔය වගේ වැඩ තමයි ඔයාට කරන්න පුළුවන්. නරකද හේවාහැට පළාතේ මිනිස්සුන්ගේ තියෙන අඩු පාඩු හොයලා බලලා ඒ දේවල්වලට විසඳුම් ලබාදෙන විදිහක් බලන්න පුළුවන් නම්...
බම්බුව තමයි මහත්තයා.. කැසිනෝත් නරක නැහැ. 19 කියවන්නේ නැතිව යූඑන්පිය වෙනුවෙන් අත උස්සපු අය රටේ පාලනයට සුදුසුම නැහැ. ජනතාව ඒ අය ඉවත් කරනු ඇත.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මොහු ඡන්දයකින් නැවත එන්නද හදන්නේ? මොකක්ද මේ හැමදාම පෙරලන හත්වලාම? අපිව විනාශකර දමන්නද හදන්නේ? තවත් ඔබලා වගේ ඈයෝ මේ රටට එපා...
ලැජ්ජයි මේවගේ අය අපේ පාර්ලිමේන්තුවේ ඉන්න එක ගැන. ආණ්ඩු පෙරලලා රට විනාශ කරන අය..... රටට කොච්චර විදමක් යනවද ඡන්දයක් කරන්න. මේ වගේ අයට නම් ඉදිරියේදී ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්න එපා. සිතා බලා කටයුතු කරන්න. අපේ රටේ දරු පරපුර රැකගන්න.
දැන් සෙල්ලම් ආණ්ඩු හදලා ඉගෙනගත්ත පාඩම මදිද? රට මුළු ලෝකෙටම හැල්ලු කරලා ඒ කරපු විනාශය හොඳටම ඇති. දේශපාලනයෙන් අතුගාලා දාන්නා ඕනේ අය...
ලෝකාන්තය කියලා තැනක් තියනවා... ගිහිල්ලා පෙරලිලා බලලා ආණ්ඩුව පෙරළන්න එන්නේ.. බොහෝදෙනෙක් එන්නේ නැහැ.
මේ වගේ අය දේශප්‍රේමය ගැන කතා කරනකොට ඇඟේ මාළු නටනවා.. කොළඹ විශ්ව විද්‍යාලයේ දුප්පත් ශිෂ්‍යාවන්ට නේවාසික ව ඉන්න කුරුඳුවත්තේ මහා බංගලාවක් පරිත්‍යාග කලේ දෙමල විද්‍යා වරියක් එතුමියගේ අන්තිම කැමැත්ත අනුව ඒ දවස්වල මහින්දගේ ආණ්ඩුවේ... උසස් අධ්‍යාපන ඇමති කියලනේ හිටියේ... ගෘහ උපකරණවල දළ වටිනාකම පමණක් රුපියල් කෝටි 34 ක්.. එම සියලු ගෘහ භාණ්ඩ අඹුවත් එක්ක ලොරියක් ගෙනත් පටවාගෙන හොරකම් කරපු මහජන ධනයෙන් හදපු මාලිගාවට අරන්ගියා කිසිම හිරිකිතයක් නැතුව.., මෙවන් අය ලෝකේ වෙන කොහේ හෝ සිටීවිද...?
ඒ කියන්නේ ජාතිවාදී කෝලාහලයක් එන්න යනවා වගේ.
රංගේට කතා කළා වගේ තව කීප දෙනෙකුට කතා කලොත් වැඩේ බැරිවෙන එකක් නැහැ. ඔයා එන්නේ නැද්ද කියලා ඇහැව්වොත් ඇති...
මොකක්ද ඊළඟ කුමන්ත්‍රණය?