IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.

ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහාය. මේ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතය.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.

මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පෙන්වා දුන්නේ පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් දැන් පවතින්නේ පොලිස්පතිවරයකු නැති රටක් බවයි.

 



අදහස් (5)

පොලිස්පතිගේ සේවා දිගුවටත් අනුමැතිය නෑ

බුද්ධික Sunday, 19 November 2023 05:51 PM

ඇත්තටම වික්‍රමරත්න මහතා සේවා දිගුව ප්‍රතික්ෂේප කළා නම් ලැජ්ජාවක් නැතුව සතුටින් යන්න තිබුණා.. මම හිතන්නේ නම් තමන්ට නියමිත කාලය අවසන් නම් ඊළඟට සිටින කෙනෙකුට අවස්ථාව දීලා ඉවත්වීම වඩා සුදුසුයි... කියලා තමයි...!

:       1       11

විපරමා Sunday, 19 November 2023 06:20 PM

පොලිස්පති කෙනෙක් පත්කරගන්න බැරි ආණ්ඩුවක්...! ශ්‍රේෂ්ඨත්වයෙන් ඊළඟට ඉන්න සුදුසුම කෙනාව පත්කරන්න බැරියැ...

:       3       3

SISILSunday, 19 November 2023 06:51 PM

රජය කියන්නේ එහෙම කෙනෙක් ඉන්නවා නම් පත්කරන්න පුළුවන්, නැති එකනේ ප්‍රස්නේ...

:       1       7

ajith Sunday, 19 November 2023 06:21 PM

විමල් වීරවංශ පමණක් නොවේ ගම්මන්පිලලා, චම්පිකලා කියන දේවල් මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ පිළිකුලෙන්. ඔවුන් සියලුදෙනා පසුගිය වසර 15ක කාලය තුළ ආණ්ඩු සමග එක්ව ඇමැති තනතුරු දැරූ අධිකරණ චෝදනා තිබෙන වාසියට ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමග එක්වන පිරිසක්... දේශපාලකයින් වුවත් නීතියට පටහැනිව ක්‍රියාකර අධිකරණ චෝදනා සහ නඩු තිබෙන්නා වූ පිරිසක් පොලිස්පති පත්කිරීම පිළිබඳව මත පළකිරීම හාස්‍යයට කාරණයක්. චෝදනා නොලද සුදුසු පොලිස්පතිවරයකු සොයා / තෝරා පත්කිරීම අදාල කණ්ඩායම් කරාවි. වැරැදි කළ දේශපාලකයින් පාර්ලිමේන්තුවේ සිටිනවා සේ අධිකරණ චෝදනා ලද කෙනෙකු පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සුදුසුද?

:       2       7

පියසේන Sunday, 19 November 2023 07:38 PM

ඊළඟට පොලිස්පති කරන්න ඉන්නේ අරගලේට ගහපු, කුඩු ජාවාරම්කරුවන්ගෙන් සල්ලි ගත්තු කෙනෙක්.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 12 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 42 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පච ආණ්ඩුව පරදන්න ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කරන්න සූදානම්
2025 මැයි මස 08 277 2

වත්මන් පච ආණ්ඩුව පරාජයට පත්කිරීම සදහා සමගි ජනබලවේගය ඇතුළු ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්


මළල ක්‍රීඩා පුහුණුකරු ගැටුම රෝහලෙන් නවතී
2025 මැයි මස 08 111 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ මළල ක්‍රීඩා පුහුණුකරුවන් දෙදෙනකු අතර වූූ ගැටුමකින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා පුහුණුකරු පහර කා රෝහල් ගතව ඇතැයි කුරුඳුවත්ත පොලිස


නව සර්වේයර් ජනරාල් පත් කරයි
2025 මැයි මස 08 259 0

සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


කෝටියක ජංගම දුරකථන කටුනායකින් අල්ලයි
2025 මැයි මස 08 295 0

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන පනත උල්ලංඝනය කරමින් එම කොමිෂමේ අනුමැතියෙන් තොරව , රුපියල් කෝටියක් වටිනා අති නවීනතම ජංගම දුරකථන තොගයක් නීතිවිරෝධී ලෙස ම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1136 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 287 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1325 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site