
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ තෙවැනි සේවා දිගුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ) ප්‍රතික්ෂේප කර ඇත.
පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතාට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.
ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහාය. මේ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතය.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න මහතාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.
පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.
මේ අතර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පෙන්වා දුන්නේ පොලිස්පතිවරයාගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර නැති හෙයින් දැන් පවතින්නේ පොලිස්පතිවරයකු නැති රටක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම වික්‍රමරත්න මහතා සේවා දිගුව ප්‍රතික්ෂේප කළා නම් ලැජ්ජාවක් නැතුව සතුටින් යන්න තිබුණා.. මම හිතන්නේ නම් තමන්ට නියමිත කාලය අවසන් නම් ඊළඟට සිටින කෙනෙකුට අවස්ථාව දීලා ඉවත්වීම වඩා සුදුසුයි... කියලා තමයි...!
පොලිස්පති කෙනෙක් පත්කරගන්න බැරි ආණ්ඩුවක්...! ශ්‍රේෂ්ඨත්වයෙන් ඊළඟට ඉන්න සුදුසුම කෙනාව පත්කරන්න බැරියැ...
විමල් වීරවංශ පමණක් නොවේ ගම්මන්පිලලා, චම්පිකලා කියන දේවල් මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ පිළිකුලෙන්. ඔවුන් සියලුදෙනා පසුගිය වසර 15ක කාලය තුළ ආණ්ඩු සමග එක්ව ඇමැති තනතුරු දැරූ අධිකරණ චෝදනා තිබෙන වාසියට ඕනෑම දේශපාලන කණ්ඩායමක් සමග එක්වන පිරිසක්... දේශපාලකයින් වුවත් නීතියට පටහැනිව ක්‍රියාකර අධිකරණ චෝදනා සහ නඩු තිබෙන්නා වූ පිරිසක් පොලිස්පති පත්කිරීම පිළිබඳව මත පළකිරීම හාස්‍යයට කාරණයක්. චෝදනා නොලද සුදුසු පොලිස්පතිවරයකු සොයා / තෝරා පත්කිරීම අදාල කණ්ඩායම් කරාවි. වැරැදි කළ දේශපාලකයින් පාර්ලිමේන්තුවේ සිටිනවා සේ අධිකරණ චෝදනා ලද කෙනෙකු පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සුදුසුද?
ඊළඟට පොලිස්පති කරන්න ඉන්නේ අරගලේට ගහපු, කුඩු ජාවාරම්කරුවන්ගෙන් සල්ලි ගත්තු කෙනෙක්.