IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලිස්පති හෙට යයි ද?

 

(ඉන්දිකා රාමනායක)

පොලිස්පති ධූරයේ වැඩ බැලීම සඳහා  සී. ඩී. වික්‍රරමරත්න මහතාට  දෙවැනි වරට ලබා දී තිබු මාස 3 ක  කාලය හෙට (9) දිනෙන් අවසන් වන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.

පසුගිය ජුනි මස 09 දින සිට බැලපැවැත්වෙන පිරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙම සේවා දිගුව ලබා දී තිබුණි.

ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වැනි දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට  මාස 3 ක සේවා දිගුවක් ලබා දී තිබුණි.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.

පොලිස්පතිවරයාගේ සේවා ධුරය අවසන් වීම නිසා පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද  නැතහොත් සී. ඩී. වික්‍රමරත්න මහතාට  නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (4)

පොලිස්පති හෙට යයි ද?

Rata Perata Sunday, 08 October 2023 10:06 PM

ආරක්ෂක ඇමතිගේ අකාර්යක්ෂම භාවය පේනවා නේද? පිස්සුම ආන්ඩුවක්.

:       0       4

Perera Sunday, 08 October 2023 10:48 PM

රටේ නීතිය පසෙකලන ආණ්ඩුවට ඕන විදිහට නීතිය අඹරන නවන කෙනෙකුව පත් කරාවි

:       0       3

Sachith Monday, 09 October 2023 12:14 PM

මෙතුමා නම් ආවා... වැඩේ කළා. නම්බුපිටින් හරි දවසට යනවා. හැබැයි ඊ ගාවට මේ පුටුවට එන්න හදන අයට නම් පුටුව දාලා යන්නේ නෑ.

:       2       1

Rata Perata Monday, 09 October 2023 12:18 PM

අද යයිද? හෙට යයිද? මෙයාද? වෙන කෙනෙක්ද? රනිල් වගේ දුර්වල කෙළින් තීරණයක් ගන්න බැරි කෙනෙක් නිසා රට වැටිලා තියෙන තැන පේනවා නේද? මේ අපි කතා කරන්නේ නගර සභාවේ කුණු ට්‍රැක්ටර් රියදුරෙක් ගැන නෙවෙයි. රටේ පොලීසිය බාර නිලධාරීන් ගැන. ඒකවත් වෙලාවට කරගන්න කොන්දක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site