(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත්තේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ජුනි 26 වැනිදා අවසන්වීමට නියමිත නිසා බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද සිටින බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින් ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.
සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රකාශකයකුගෙන් කළ කරුණු විමසීමකදී ඔහු පැවසුවේ පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන් නමක් හෝ නම් තවමත් ලැබී නොමැති බවයි.
පොලිස්පති ධුරය සඳහා සුදුස්සකුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ළඟදීම යොමු කරන බව රජයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති වෙන්න බලුපොරයක්...
අනේ මන්දා... ආරංචි නම් ගොඩයි... හැබැයි වැඩියෙන්ම ගොට්ට අල්ලන එක්කෙනාටලු ඡන්දෙ දෙන්නේ...!
මේක ඉවර වෙන්නේ හොඳම සපත්තු ලෙවකන්නාට පොලිස්පතිකම දීලා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා කියන්න කට්ටිය තමයි.
ඔය ජොබ් එක දේශපාලුවන්ට දුන්නොත් අවුල්ද?
පොලිස්පතිකම ලැබෙන්න ඕනේ ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉහළින්ම ඉන්න කෙනාට මිසක් දූෂිත දේශපාලුවන්ගේ පස්ස ලෙවකන කෙනාට නෙවෙයි...
ලී ක්වාන් යූ ක්‍රමවේදයට නම් සූදුසුකම් සපිරි වැඩිපුරම තමන්ට හිතෛෂී කෙනාව දාගන්න ඕනේ...
ලංකාවේ මෙතෙක්කල් හොඳ කොන්ද පණ ඇති පොලිස්පති වරයෙක් පත්වී නොමැත...!!! දේශපාලුවන්ට කඩේ යන දේශපාලුවන් දුටුවාම දෙකට නැමෙන කෙනෙකු සිටින රටක නීතිය ක්‍රියාත්මක කිරිමේ දී නිතරම නීතිය දුබල වී දේශපාලුවන් රජ කරනු ලැබේ
අරගලය වෙලාවේදී සංදේශය ගෙනගිය කෙනාට ගාඩ් එක දුන්නෙත් දේශපාලුවන්, මහපාරෙදී ගුටිකෑවෙත් දේශපාලුවන්, අජිත් රෝහණට ඕක දුන්නෙත් දේශපාලුවන්... දේශපාලුවන්ට යන්න වෙන්නේ පොළව පලාගෙන යන්න.
කවදාවත් නොතිබූ තරම් බලු පොරයක් මෙතැන ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ 15න් පහළ මැරතන් එකට 12න් පහළ අයත් තරඟ කරුවන් ලෙස ඉදිරිපත්ව තිබීමයි. පොලිස්පති තනතුර එක අයෙකුට උපරිමය වසර 3කට සිමා කිරීම මෙන්ම විශ්‍රාම යෑමෙන් පසුව කිසිඳු රජයේ තනතුරක් දැරීමට නොහැකිවීම මෙන්ම KPI ලබාදී අසමත් වන්නන් අදාල වසර 03 තුළදී වුවද ඉවත් කිරීමට හැකිවීම යන කරුණු ව්‍යවස්ථාවට ඇතුළත් කළානම් ඇත්තටම සුදුසු අය පමණක් මෙම තනතුරට ඉදිරිපත් වේවි.
ලංකාවේ මේ තනතුර රටේ ජනතාවගේ සුබ සිද්ධිය, සාමය, නීතිය පවත්වා ගන්න භාවිතා කර බැහැ... අපි තවම ගෝත්‍රික රටක්.. ඕනෑම අසාධාරණ අනීතික ක්‍රියාවක් නීත්‍යානුකූල බවට සහතික කරන්න... මෙන්න මෙයා සුදුසුයි මෙයා අපේ ගෙදර බල්ලා වගේ හසුරුවා ගන්න පුළුවන් මෙයා අපිට හපන කෙනෙක් නොවේ කියලා හිතෙන කෙනෙකුට පොල්පිති පොලිස්පති තනතුර පිරිනමනවා එපමණයි.. රටේ නැවත ඉපදෙන්න ප්‍රාර්ථනා කරන අය අත් ඔසවන්න බලන්න.
ටිරාන් අලස් පොළිස්පති කරමු.