
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.
ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.
සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා පත්කරොත් UNP ය කපෝතියි.
"පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...." තවත් විනෝද සමයක් එන්න වගේ යන්නේ...!
UNP කොහොමත් කපෝතියි, මේ මනුස්සයා පුද්ගලිකවම උදව් දෙමින් සමාජයම කපෝති කරයි.
වයස 60 ඉක්මවූ නිසා ගෙදර යන එක හොඳයි. 1,2,3 හැර වෙනත් කෙනෙකු පොලිස්පති කළොත් විතරක් පොලිසිය හරිමගට යාවි... අනික් කරුණ තමයි වෙනත් ඇමැතිවරයෙකුත් පත්කළ යුතුයි. නැතිනම් පොලීසිය ඉවරයි...
පිං ජනාධිපතිගේ පොලිස්පති රීලෝඩ් ඉවරයි වගේ...? ඇයි පොලිස්පතිකමට පත්කර ගන්න වඩාත්ම දූෂිත කෙනා තෝරාගන්න තවත් කාලයක් ගතවන නිසාද? පොලිස්පති ධුරයේ වැඩ බැලීමට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානම? වෙලාවට ඡන්ද තියන්න බැරි, පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරි දූෂිත - මූසල ආණ්ඩුවක්.!!!
නෑ ... ඉරිසියා කරන්න එපා.. දේශබන්දු තෙන්නකෝන් මහතා ඉතාම සුදුසුයි...!
මේ වගේ මිනිස්සුන්ටත් පොලිස්පතිලා වෙන්න පුළුවන් නම් ඔය ලොකු ගෙවල්වල බැලමෙහෙවර කරන අයත් සුදුසුයි ඕවට... ළමයි ඉන්නවා නම් එයාලාටවත් කියන්න බැරි වුණාද මන්දා මෙහෙම කරන්න එපා කියලා..
විනාසයි...
කුප්‍රකට දේශබන්දු පත්කරොත් අභිමානවත් පොලිස් දෙපාර්තුමේන්තුව තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයක් වෙයි. පොලිස් ඇමැති ඉන්නෙත් ත්‍රස්තවාදී LTTE එකත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්..!
දේශබන්දු කියන්නේ රාජපක්ෂගේ කෙනෙක්... ඕනම දෙයක් කරනවා... යස් සර්... යස් සර් කියලා... වෙන කෙනෙක් දාන්න... නැතිනම් නීතියක් නැතිවෙනවා.
පොලිස්පතිකමට සුදුසුකම් ඇති අය නැතුව නොවෙයි. දේශපාලුවන්ගේ පදේට නටන රූකඩ වගේ අයව තමා ඔය තනතුරට පත්කරන්නේ?
කවුරු පත්වුණත් පවතින රජයට පක්ෂව වැඩකරනවා. කෙළින් හිටියේ ඉලංගකෝන් පමණි.
අපිනම් හිතුවේ මෙයාට තාම අවුරුදු 32ක් කියලා...!
දේශබන්දු නම් ඕනේම නැහැ... අරගල කාලේ මොහු හැසිරිච්චි විදියට මිනිස්සුන්ට එපාම වුණා...
දේශබන්දු කියනකොට කුඩ්ඩන්ට, පරගලයේන් ජීවත් වුණු එවුන්ටයි මළ තමයි...
දේසද්‍රෝහියෝ නම් වැඩක්ම නැහැ.
පිනාට නැතත් පොලිස්පතිට හරි ලැජ්ජා බය පොඩ්ඩක් හරි තිබුණ එක බොහොම වටිනවා, නැත්නම් වෙන්නේ පිනා ගෙදර යවන තූරු පොලිස්පතිට රිලෝඩ් වාසනා උරගා බලමින් පොලිස් මූලස්ථානයේ ලගින්න වෙන එකයි. දේශබන්දු වගේ තක්කඩියෙක් නමගිය අපරාධකාරයෙක් වැඩ බලන්න හො පොලිස්පති තනතුරට පත්වුනා කියන්නෙම පාතාලයට කුඩු මුදලාලාට රටේ පාලනය හිමිවුනා වගේ වැඩක්. කවුරු කොහොම කිව්වත් මේකෙන් යු.එන්.පී. කාරයන්ට හො පොහොටුවන්ට අබමල් රේණුවක හානියක් වෙන්නේ නැහැ. දේශබන්දුවා සී.ඩී ට වැඩිය හොදට පිනාගේ කැමැත්තට උවමනාවට වැඩ කරනවා ඇත.
දේශබන්ධු ඕකට තමයි ෆේස්බුක් කැම්පේන් වලට වියදම් කලේ.
සමන් විමල්, අරගලය නොතිබෙන්නට තාමත් අපි හිවල්ලු රැලක් සිංහයො කියල හිතාගෙන මේ දුක් කන්දරාව විඳිනව, අඩුගානෙ දැන් දුකට හේතුව වත් දන්නව. දේශබන්දු කරපු ගැතිකම්, වහපු මැරකම් එලියට ආපු දවසට කූරුගනින්න තමයි වෙන්නෙ.
නියමයි රට තවත් අරාජිත වෙන්නයි යන්නේ