
(අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ ධූර කාලය උපරිම වශයෙන් අවුරුදු තුනකට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාගේ සේවා කාලය ඇතුලත අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට ද අදාල වන අතර ඒ අනුව පොලිස්පති ධුරයට පත්ව වසර තුනකින් පසු ඔහු විශ්‍රාම යා යුතුව තිබේ.
අමාත්‍ය මණ්ඩලය ගනු ලබන මෙම තීන්දුව අනුව ඉදිරියේ දී පොලිස්පති ධූරයට පත්වන ඕනෑම නිලධාරියෙකගේ සේවා කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා වන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක බලතල භාවිතා කර සියලු ඇමැතිවරු ගෙදර යවයිද දන්නේ නෑ. මම නිකම් කිව්වේ. මිස්ටර් බීන්ගේ විහිළු බලලා ඔලුව කුරුවල් වෙලා...!
ගොඩක් හොඳ තීරණයක්...
පොලිස්පති හැටියට කව්රුවත් ඕන නෑ ඔය පින්පති ඉන්නේ
කාටවත්ම තේරෙන්නෙම නැද්ද ඔය එන්නේ මොකාටද කියල. සරුසාර පලදාව දෙන පොල් ගහක් වෙනුවට ලෙඩ අඩු මාසේ පොල් ගහක් හිටවල රටේ පොල් වගාවම විනාශ කරල දාන්ඩ කියල අනේ ඔහෙලට හැබෑට තේරුම් ගන්ඩ බැරිද.
මේවා මහ විකාර යෝජනා... ඔය කැබිනට් තීරණය බලපාන්නේ මේ කැබිනට් මණ්ඩලයට විතරයි..., ඊළඟට එන අලුත් ආණ්ඩුවට පුළුවන් නැවත මේ කැබිනට් තීරණය වෙනස් කරන්න. රී ලෝඩ් දාලා පොලිස්පති පත්කර ගොන් ආතල් රටටම දීලා ඊළඟ ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද කියලා මෙයා තීරණය කරන්න හදනවා.
පොලිස්පති කියන්නෙත් තැපැල්පති, මිනුම්පති, ඉඩම් කොමසාරිස්, දිසාපති වගේ රජයේ තවත් එක්තරා දෙපාර්තමේන්තුවක විතරයි. ඔවුන්ට පැවැරී ඇති වගකීම්වල වෙනසක විනා ධූරාවලියේ කිසිම වෙනසක් නැහැ. කෙනෙක් පොලිස්පති වුණු පලියට එයාගේ හිතුමතේට ක්‍රියාකරන්න බැහැ. පොලිසිය තුළ හරි හමන් සිස්ටම් එකක් හදන්න කැබිනට් එකේ සියලුදෙනා එකතුවෙලා කටයුතු කරන්න. පොලිස්පතිද, ස්ථානාධිපතිද, කොස්තාපල්ද වෙනසක් නැතිව වරදක් කර ඇතිනම් දවසින් දඬුවම් කෙරෙන ක්‍රමයක් හදන්න. කවුරු පොලිස්පති වුණත් පූජිතට වුණු සන්තෑසිය මත තියාගෙන තමනුත් තවත් එක රාජ්‍ය නිලධාරියෙක්ය යන්න මතක තබාගෙන වැඩිය දඟලන්නේ නැතිව කටයුතු කිරීම වැදගත්...
ඉතා හොඳ තීරණයක්. පොලිස්පති තනතුර විතරක් නොවේ... ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරත් වසර 5ක උපරිමයකට ලක් කරන්න ඕනේ... නියෝජ්‍ය පොලිස්පති තනතුරත් වසර 08 කට සීමාකරලා සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා ඒ එක් එක් තනතුරේ සිටිය හැකි උපරිම කාලය අවුරුදු 7ක් බැගින් උපරිමයක් කරන්න ඕනේ. එතකොට උසස්වීම් ගැටලුව ඉබේම විසඳෙනවා...!