(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා අන්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ස්ථානාධිපතිවරයා කීය

48 හැවිරිදි සැකකරු 2016 වසරේදී මෙරටට පැමිණි පුද්ගලයෙකි .