
(යොහාන් භාසුර)
වරක් පමණක් භාවිතා කරන ඉවත දමන ප්ලාස්ටික් භාණ්ඩ වර්ග 9 ක් ලබන ඔක්තෝම්බර් මස 1 වැනිදා සිට මෙරට නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
වරක් පමණක් භාවිතා කරන බීම බට, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික්, මල්මාලා සහ ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි යන භාණ්ඩ මෙසේ තහනම් කර තිබේ.
එම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය, දේශීය භාවිතය සඳහා ආනයනය, විකිණීම, නොමිලේ පිරිනැමීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර එම නියෝග කඩකරන්නන්ට එරෙහිව ජාතික පාරිසරික පනතට අනුව නීතිය ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...!
මිනිස්සු බඩගින්නේ රජයට ප්‍රශ්නේ ප්ලාස්ටික්...!
ප්ලාස්ටික්, පොලිතින් සිලිබෑග් සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි... රේල් පාර දෙපස නගර කාණු ලක්ෂ ගණනින්, අපි ගල්කිස්සේ මුහුදු වෙරළට ගිහින් ආපසු ආවා නම් තවත්... මොන කතාද රටම අපායක්... ජපන් සංචාරකයින් ලංකාවට නොඑන්න හේතුව ඔවුන්ගෙන්ම අහලා බලන්න...!
නියම වැඩක්. නැතිනම් අයිස්ක්‍රීම් කෝටුවත් ප්ලාස්ටික් වලින් එයි. ඉස්සර යෝගට් අයිස්ක්‍රීම් කප් කාඩ්බෝඩ් වලින් තිබ්බෙ . යෝගට් හැඳි ලී වලින් . දියුණු රටවල් තවම ඒ විදිහට පාවිච්චි කරනව.
මොනවද මේ පිස්සු කතා. කවුරු රවට්ටන්නද? මේ කීවෙනි සැරේටද? අපි බලා ඉන්නවා රජය සපයන විහිලු වලට හිනා වෙන්න…!
නීතිය දැම්මා .විකල්පේ
කීවෙනි සැරේටද ප්ලාස්ටික් තහනම් කෙරුවේ. කිසිම විකල්පයක් නැතුව වැඩ පිලිවෙලක් නැතුව ඔහේ කරනවා.