(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් විශේෂ කාර්යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු හොරෙයින් මත් කුඩු සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අද (18) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
සැකකරු සතුව මත් කුඩු මිලිග්‍රෑම් 480 ක් පොලිසිය භාරයට ගෙන ඇත . මාතලේ ,මාදිපොල පදිංචි අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මුදලාලිලාට මරණ දඬුවම නොදී මේ ව්‍යවසනය නතර කරන්න බැහැ. මේ ආරම්භය, මුළු පොලිසියම ,STF එකම කුඩු වලින් ගිලගත්තු දාට රටම ඉවරයි... කරුණාකර දැඩි නීති රීති ගෙනෙන්න. පොලිස් නිලධාරින් රැන්ඩම් ඩ්‍රග්ස් ටෙස්ට් වලට දාන්න. අහලා තියෙන විදියට අල්ලගත්තු කුඩු ට්‍රයි කරන්න ගිහින් ඇබ්බැහි වූ නිලධාරින් ඉන්නවා. CID නිලධාරිනුත් ඉන්නවා, STF නිලධාරිනුත් ඉන්නවා. ඇබ්බැහි වුණු නිලධාරින් කුඩු විකුණන්නත්, මුදලාලිලා සමග ගනුදෙනුත් පටන් ගන්නවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වෙලා තියෙන විනාශය පොලිසියටත් එනකල් ඉන්න එපා. මේවාට ඉක්මන්, දැඩි ක්‍රියාමාර්ග ගැනීම ලොක්කන්ගේ රාජකාරියක්...