(තරිඳු ජයවර්ධන)
පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වහාම හෙට (05) දහවල් 11ට කොළඹ පොලිස් මූලස්ථානයට හදිසියේ කැඳවමින් අද උදේ නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිවුඩයක් අද සවස අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
උසස් පොලිස් නිලධාරීන් මෙලෙස හදිසියේ කැඳවීමට හේතුවක් දැනුම් දී නැති අතර උදෑසන 11 වන විට පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙස පමණක් ඔවුනට දැනුම් දී තිබිණි.
උණුසුම් දේශපාලන වාතාවරණයක් පවතිද්දි මෙලෙස උසස් පොලිස් නිලධාරීන් හදිසියේ පොලිස් මූලස්ථානයට කැඳවීම ගැන පොලිසියේ ලොකු කතාබහක් ඇතිවී තිබිණි.
කෙසේ වෙතත් එම හදිසි කැඳවීම අවලංගු කරමින් පොලිස්පතිවරයා අද සවස යළිත් පොලිස් පණිවුඩ යවූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. ඒ වන විට ඇතැම් පොලිස් ප්‍රධානීන් කොළඹ බලා ඒමට පිටත් වී සිටි බව ද දැනගන්නට ඇත.
මෙලෙස හදිසියේ උසස් පොලිස් නිලධාරීන් කැඳවූයේ ඇයිද යන්න විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව රැස්වෙන එක කල්ගිය නිසා.
14 වෙනිදාට අලුත් ආණ්ඩුව වැටෙයි කියලා පොලිසිය බය වෙලා වගෙයි .
තීරණයක් ගන්න තරම් තිරසාර බවක් නැහැ. ලොක්කෝ වැනෙනවා ............ මේක අව්චාර යුගයක්............. රටේ අවාසනාව!
කොහොමත් වගේ කියවන්නේ අනවශ්‍ය දේවල් විතරයි.