
(සුජිත් හේවාජුලිගේ)
පාතාල මර්දන කටයුතු වලට දායකවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට ඩුබායි පාතාලයෙන් පසුගිය දිනවල මරණීය තර්ජන දුරකතන ඇමතුම් ලැබී ඇත.
පාතාලය මර්දනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උරණවී සිටින පාතාල පිරිසක් මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනාට වරින් වර දුරකථන ඇමතුම් ලබාගෙන මෙලෙස තර්ජනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම තර්ජන සම්බන්ධයෙන් එම නිලධාරීන් පොලිස්පතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් තමා පෞද්ගලිකවම කරුණු විමසූ බවද ඔහු සඳහන් කළේය.
ඩුබායි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පාතාල නායකයන් අත්අඩංගුවට ගෙන මෙරටට කැඳවාගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතුද කරගෙන යන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරන් අලස් මහතාටද ඩුබායි සිටින පාතාලයකු පසුගියදා දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් ඉන්නේ ඩුබායි නොවේ
ලඟදි ඉඳලා පාතාලයට මෙච්චර හයියක් ඇවිත් තියෙන්නේ ආණ්ඩුවේ ඉහලම තැන් වලින් ලොකු හයියක් ලැබෙනවා වත්ද?. විපක්ෂයේ නායකයෝ හුඟක් පරිස්සම් උනොත් හොඳයි. පරණ මිනීමරුවන්ට ඕනෑම අපරාධයක් කල හැකියි.
පාතාලේ එවුන්ව ලංකාවට ගෙනාල්ල, උන්ට තේරෙන භාෂාවෙන් කියා දීලා තමයි ප්‍රශ්න සදාහටම විසඳන්න ඕන
අපරාධ කාරයෝ එල්ලුම්ගහට නියමවෙලා හිරේ ගියත් හිරේ ඇතුලේ ඉඳගෙන ජන්ගම දුරකථන භාවිතයෙන් කරන්නෙත් මිනී මරවන එක, කප්පම් ගන්න එක, එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කුඩු ජාවාරම්, මහා පරිමාණ පාතාල නායකයින්ට නියම වෙලා තිබෙන දඬුවම ක්‍රියාත්මක කරන්න කාලය හරි, නැතිනම් තව සිය ගණනක් මැරෙනවා වසරකට මොවුන් නිසා...
පාතාලයෝ හැදුව වැඩුව හා හුරතල් කෙරුව අලි සජබ පොහොට්ටු නායකයින්ගේ කසළ ශෝධකයින් දැන් වැලපෙනවා. මේ ආණ්ඩුව පාතාලයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා කියලා. ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, වම්බොට්ටා වගේ පාතාල නායකයෝ ඇසුරු කළ ලංකාවේ ජනාධිපතිවරුන් ගැන මේ කසළ සෝධකයින් නොදන්නා විය හැකියි.
කලකදී රහ කලකදී වහ වෙනවාලු...