
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
කොළඹ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති කාර්යාලයේ ස්ථාපිත පොලිස් සීසීටිවි කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ මුදල් පසුම්බි වලින් සහ බෑග් වලින් මුදල් සොරා ගත් පොලිස් කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි.
එම කොට්ඨාශයේ නිලධාරීන්ගේ වරින් වර මුදල් නැතිවීම හේතුවෙන් මුදල් පසුම්බි සහ බෑග් තබා ඇති ස්ථානයේ සීසීටීඊ කැමරාවක් ස්ථාපිත කර පොලිස් සැරයන් වරයෙකුගේ මුදල් පසුම්බියක් පොලිස් නිලධාරීන් විවේක ගන්නා මේසයක් මත තබා ඇතැයි පොලිසිය කියයි.
එම මුදල් පසුම්බියේ තිබූ රුපියල් 100 ක මුදලක් සොරකම් කර ඇති බවට අනාවරණය වී ඇත
එම මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණිලක් සිදුකර එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සීසීටි වී දත්ත පරික්ෂා කිරීමේදී එම කොට්ඨාසයට අනුයුක්ත සැකකාර ආධුනික පොලිස් කොස්තාපල් මුදල් සොරකම් කරන බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd