
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පොලිස් පරීක්ෂකවරයෙකුගේ මවක් කුෂ් මත්ද්‍රවය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
එම කාන්තාව සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රවය ග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මොරගහහේන කුඹුක ප්‍රදේශයේ කාන්තාවක් කුශ් නමැති මත්ද්‍රවය රහසිගතව නිවසේ තබා ගනිමින් අවට ප්‍රදේශවලට බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක විමල් ඇතුළු කණ්ඩායමක් සැකකාරිය පදිංචිව සිටින වැටලීමේදී සැකකාරිය තම පුතා පොලිස් පරීක්ෂකවරයකු බව පවසා විරෝධය දක්වා ඇති අතර එම විරෝධය නොතකා පොලිස් කාන්තාවක් සැකකාරිය පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී මෙම මත්ද්‍රවය සොයාගත් බව පොලිසිය කියයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොලකරු ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා මත්ද්‍රවය සඟවා තැබීම සඳහා ආරක්ෂිත නිවසක් ලෙස මෙම නිවස මෙන්ම සැකකාරිය තෝරාගෙන ඇති අතර එයට හේතු වී ඇත්තේ ඇයගේ පුතා පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරී කරන බැවින් කිසිවෙකුට සැකයක් ඇති නොවේ යන හැඟීමෙන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd