(ඩයනා උදයංගනී)
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් නොවන දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එය පොලිස්පතිවරයා විසින් සිදුකළ කටයුත්තක් බව කී ඒ මහතා පසුව පොලිස් කොමිසම විසින් එම තීරණය අවලංගු කළ බව සඳහන් කළේය.
ඇතැම් මාධ්‍ය එය ජනාධිපතිවරයා විසින් සිදුකළ එකක් බව දක්වමින් ජනාධිපතිවරයා ඊට ඈඳා ගැනීමට උත්සාහ කිරීම දැඩි සේ හෙළා දකින බව ද ජයසේකර මහතා කීවේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බවට පොලිස්පතිවරයා නිකුත් කර තිබූ ලිපියක් සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න කළ අතර එහිදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය අසත්‍යයක් බවයි.
එසේ නම් ඒ සම්බන්ධව පොලිස්පතිවරයාට එරෙහි ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යන්න ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අතර ජයසේකර මහතා කීවේ එය ව්‍යවස්ථා සභාව මගින් ගත යුතු තීරණයක් බවත්, ඒ ගැන හදිසි නොවිය යුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය බොරුවක් බව පොලිස් කොමිසම විසින් නිකුත් කල නිවේදනයෙන් පේනවා. ඔවුන් සඳහන් කලේ පොලිස් පරීක්‍ෂක වරයා මාරු කිරීමට හෝ එම මාරුව අවලංගු කිරීමට ඔවුන්ගේ සම්බන්ධයක් නැති බවයි
මෙතුමා මේ දොඩවන්නේ මොනවද මන්දා? පොලිස්පතිම පසුගිය දවස්වල කිව්වා ඔහු පිළිපදින්නේ ජනාධිපතිගේ නියෝග පමණක් බව. විශේෂ මහාධිකරණ නඩු ටික වලක්වන්න චෝදනා ලද්දන්ව විධායක බලය යොදවා, බහුතරයද නොමැතිව ඔවුන්ට රජයක් ලබා දුන්නා. එහෙව් එකේ මේ දේ කිරීම කජ්ජක්ද ?
කට තියෙනවට කියවන එක පුරුද්දකටම ගිහින් අප්පා. පොලිස් කොමිසම කියල තිබුණ නේද මේක ගැන ඒ ගොල්ලෝ කිසිම මැදිහත් වීමක් නැහැ කියල. එක අහල නැතුව ඇති.
බොරු කියන්න එපා මහත්තයෝ.....
රනිල් අගමැති ඉන්නකොට තමයි ජනාධිපති කිව්වේ මමත් දන්න නැහැ කියලා. දැනුත් එහෙමද කියන්නේ..?