
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව කියමින් ඉකුත් 20 වැනි දා පේරාදෙණිය පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී ඒ පොලිස් කොස්තාපල්වරියක ගෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ(25) පැවසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටි එම පුද්ගලයා පසු දිනක පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පහක් ලබාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පීඨාධිපතිවරයා ඒ අවස්ථාවේ එම ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වී ඇති අතර පසුව එම අංකයට කතා කර ඇත.
පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නම සඳහන් කර ඇතැයි පොලීසිය පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන්නේ යැයි පීඨාධිපතිවරයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව දැන ගැනීමට ඇත.
විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන 21 වෙනිදා කුලපතිවරයාට භාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණි ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දැනුම් දුන් බවද පීඨාධිපතිවරයා කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව කියති.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් පාට් රඟ පෑ ශිෂ්‍ය සංගම් ලොක්කාට වැඩ වරදි
යෝගා Friday, 25 August 2023 02:23 PM
මොනතරම් හරක්ද අන්තරේ ඉන්නේ.. උන් දන්නේ කෑ ගගහා පාරවල්වල යන්න විතරයි..
Aruna Friday, 25 August 2023 03:27 PM
මේ මිනිස්සු කාලයක් ගිහිල්ලා අධ්‍යාපනය අවසන්කර සමාජයට පැමිණිදාට, ඒ සමාජයත් දූෂිත සමාජයක්ම තමයි. අවාසනාවකට ඉතා බහුතරයක් මේ වගේ මිනිස්සුන්ගෙන් තමයි වර්තමාන ලාංකික සමාජය හැදිලා තියෙන්නේ. ඉතිං අති බහුතරයක් අවාසනාවන්ත මිනිස්සු සහිත රටකට කොහොමද කලට වැසි ඇති සුඛිත, මුදිත රටක් බිහිවෙන්නේ?
කිරිපුතා Friday, 25 August 2023 03:42 PM
ඔවුන්ට ඕන හරක් වගේ හැසිරෙන්න. ඒවාට විරුද්ධ වුණාම ඔවුන්ට හරස් වෙනවා. මොවුන් මානසික රෝගීන්... කිසිම දවසක රටට දැයට සේවයක් නොකරන දේශපාලනය කර පින්නාගත් නිකම්මු කොටසක්... අපරාදෙ නිදහස් අධ්‍යාපනයට රටක් වියදම් කරන සල්ලි...
sam Friday, 25 August 2023 04:09 PM
ඔන්න ශිෂ්‍ය සංගමයේ ලොක්කාගේ මොලේ... ඉතින් මේ අයද මේ රටේ බලය ඉල්ලන්නේ...? මෝඩකමට බෙහෙත් නෑ. තණකොළ තමයි හොඳම අත් බෙහෙත... පවු ඉතින් මෝඩයි කියලා ගහන්නයෑ...
සමන් Friday, 25 August 2023 05:25 PM
පෙනෙන්නැත්ද, කොන්ඩෙ, රැවුල කපන්නේ නැතිව කුඩුගහපු හිඟන්නෝ වගේ ඉන්න මොවුන්ගෙන් මෙයට වැඩි යමක් බලාපොරොත්තු විය හැකිද?