(ඉන්දිකා රාමනායක , නිමන්ති රණසිංහ)
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ වැඩ අද (17) සවස තහනම් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාවය කියයි.
නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ඉල්ලීමකට අවසර දෙමින් ඔහුගේ වැඩ තහනම් කිරීමට අදාල නිර්දේශය අනුමත කළ බව කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයාගේ එම නිර්දේශය සහිත ලිපිය අමත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව අද පෙරවරුවේ ජාතික පොලිස් කොමිසම වෙත යොමු කර තිබිණි.
ඒ අනුව පොලිස් කොමිසම එය අනුමත කර ඇත.
නාලක ද සිල්වා මහතාට ඝාතන කුමන්ත්‍රණ චෝදනා එල්ල වූ මොහොතේම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යවරයා මීට පෙරද ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්
මේක ජනාධිපතිතුමාගේ නියෝගයක්ද?
ආ, එහෙම කොමිසමක් තියෙනවද?
අදද තීරණය කෙරුවේ ? පව් . තව ටික කලක් හුරතල් කරන්නනේ තිබුණේ.
ස්වාධිනව ඔය තීරණය ගත්තනම් තමයි වඩා හොද.