IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොලිස් අණ නොතකා පළා ගිය සැප රියේ ගිනි අවියක්, මුගටි

(රංජිත් රාජපක්ෂ)

මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය කියයි.

ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑලිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර තර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුල මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බවට දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්‍රයක් තිබේද යන්න පිලිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑලිය දෙසට පලා ගොස් ඇත.

සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස වටවල රොසැල්ල ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි වටවල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින්ට දැනුම් දීමෙන් පසු එම නිළධාරින් රොසැල්ල ප්‍රදේශයෙන් වෑන් රථයක් හරස් කර ජීප් රථය නතර කර සැකකරු ගිනි අවිය සමග අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

සැකකරු ධාවනය කළ  ජීප් රථය පරික්ෂා කිරිමේදි ජීප් රථය තුල සැකකරුගේ නිවසේ හුරතලයට ඇති කළේ  යැයි කියන මුගටි පැටවකුද සිට පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

පොලිස් අණ නොතකා පළා ගිය සැප රියේ ගිනි අවියක්, මුගටි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site