IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි

 

( ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ කර්මාන්ත පුරයේ ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවක ඇතිවූ විශාල ගින්නක් හේතුවෙන් එම කර්මාන්තශාලාවට බරපතල හානි සිදුවී ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.

මෙම ගින්න ඊයේ (05)  රාත්‍රී 8.30ට පමණ ඇතිව තිබෙන අතර පසු දින අලුයම් කාලය වන තුරුත් ගින්න පැවැති බව පල්ලෙකැලේ පොලිසිය කියයි.

මෙම කර්මාන්තශාලාව තුළ ගිනිපෙට්ටි, හඳුන් කූරු හා ඉටිපන්දම් විශාල වශයෙන් ගබඩා කර තිබීම හේතුවෙන් ගින්න නිවා දැමීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලිසිය කියයි.

පල්ලේකැලේ පොලිසිය, ගුවන් හමුදාව, යුද හමුදාව සහ මහනුවර නාගරික ගිනි නිවන ඒකකය මැදිහත්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබුණි.

මෙම ගින්න විදුලි කන්දුවක් හේතුවෙන් ඇතිවූවක්ද එසේත් නොමැති නම් වෙනයම් හේතුවක් නිසා ඇතිවූවක්ද යන්න සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.

 



අදහස් (1)

පල්ලේකැලේ කර්මාන්තශාලාවක් අළු වෙයි

Indika Thursday, 06 November 2025 10:56 AM

පාඩු පිට යන ව්‍යාපාරය ලාභ ලබන්න තියන පහසුම මගක් තමයි ගිනි දෙවිය පිදීම.. මන්ත්‍රාචාරියා හරියට නැටුම නැටුවොත් හරි. නැතින්ස්ම් සොරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 175 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site