යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.
මේ අතර, කලින් පැවැති රජය කාලයේ ගුවන් තොටුපළ නවීකරණය කිරිම සඳහා ඉන්දියාව ඉදිරිපත් විය.අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන පරිදි ශ්‍රී ලංකා රජය විසින් ධාවන පථය සංවර්ධනය කරනු ඇත.
පසුකාලීනව, කලාපීය ගමනාන්තයන්වලට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරිම සඳහා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරිමට ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමට රජය සැලසුම් කරයි.
‘ඉන්දියාවේ සමහර නගර අතර ගුවන් ගමන් සිදුකිරිමට සම්බන්ධකම් ඇති වනු ඇති’ යනුවෙන් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම ඉන්දීය ආදාර. ඊට පස්සේ අයිතිවාසිකම් කියාවි.
තමන්ගේ රටේ වැසිකිලි, නිවාස නැති මිනිස්සු ලක්ෂ ගණනකට වැසිකිලියක් හදා ගන්න ආධාරයක් නොකර අපේ රටට පැන පැන ගෙවල්, ගිලන් රථ වෙනත් ආධාර දෙන්නේ අපිට තියෙන ආදරයට. එ්කවත් තේරෙන්නේ නෑනේ මෙයාලට...
නගරාන්තර කලාට කමක් නෑ ජාත්‍යන්තර නොකර, ඔය වගේ වැඩවලින් තමයි ඉන්දියාවේ එල්ලෙන්න වැලේ වැල් නැති අය අඩු පඩියට ගල්ෆ් යන අය ලංකාවට බෝවෙන්න පටන් ගන්නේ.
මේකේ වැසිකිලිත් කටුනායක වැසිකිලි වගේ වෙන එකක් නැහැ කොළොඹ හතේ වැසිකිලි වගේ උනොත් උතුරේ ජනතාවට අපිට වගේ ඇඹරි ඇඹරි තමයි ගමන් යන්න වෙන්නේ
"උතුරේ ජනතාවට අපිට වගේ ඇඹරි ඇඹරි තමයි ගමන් යන්න වෙන්නේ" උතුරේ ජනතාවත් තමිල් නාඩු ප්‍රාන්තය අනුගමනය කරනවා. ජනතා අනුරත් එහෙමද?
දැන් ඉතින් මොන අයිතිවාසිකම් කියන්නද ? 2015 ට පෙර රට යටත් කරගෙන සිටියවුන් මුළු රටම චීනට විකුනලා ඉවරයි . විකුනලා තිබෙන ලිස්ට් එක දකින්න ඇතිනේ ? ...