(ඉන්දිකා රාමනායක,බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාර්ගයෙන් පිරිස එක්රැස් කරමින් පිලියන්දල මඩපාත ප්‍රදේශයේ ලැගුම්හලක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 34 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ මෙම සාදය සම්බන්ධයෙන් බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව පිලියන්දල පොලීසිය මෙම වැටලීම සිදු කර තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස් අතර නව දෙනකු කාන්තාවන් වන අතර, ලැගුම් හලේ කළමනාකරු ද ඒ අතර වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරපුර කොහේටද? වසර දහස් ගණනක මේ සිංහල රටේ සංස්කෘතියට මොනවද වෙන්නේ? වගකිව යුත්තෝ මර නින්දෙන් අවදි වෙන්න කාලය මෙයයි.