IMG-LOGO

පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’

(යොහාන් භාසුර)

ඉන්ධන බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට පෝලිම්වල රැදී ජනතාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් ‘ටෝකන්’ පතක් දී නිවෙස්වලට පිටත්කර හරින බවත් අදාල ඉන්ධන පිරවුම්හලට ඉන්දන ලැබුණු පසු දුරකථනය හරහා දැනුවත් කර ඉන්ධන ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ආරක්‍ෂක මණ්ඩලය පසුගියදා රැස්වූ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව යොදාගෙන පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’ පතක් දී විස්තර ලබාගැනීමට කටයුතු කරන්නේ යැයි ආරක්‍ෂ මාණ්ඩලික ප්‍රධානී හිටපු හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූ බව කී අමාත්‍ය විජේසේකර මහතා ඉදිරියේදී එය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය. 



අදහස් (12)

පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’

sena Sunday, 26 June 2022 03:15 PM

සර් තෙල් ටික දෙන්න වැඩපිළිවෙළක් හදන්න. ටෝකන් දුන්නා කියලා ශෙඩ් අයිතිකාරයෝ තමන්ගේ සල්ලි වියදම් කරගෙන අපිට කෝල් කරයිද?

:       0       15

Namal Baby Sunday, 26 June 2022 03:15 PM

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් යනුවේ නායකත්වයේ දුර්වලතා හෝ හැඳුනුම්කම් උපයෝගිකර ගනිමින් ශ්‍රී ලංකා රදළ පැලැන්තියක්... ඇතැම් දේශපාලන හා ව්‍යාපාරික පිරිසක්, කණ්ඩායමක් ලෙස සහයෝගිව ක්‍රියාත්මක වෙමින් රට හා ජනතාව දඩමීමා කරගනිමින් බිහිකරමින් යෑමකි...

:       0       14

Sunil Sunday, 26 June 2022 03:32 PM

ජනතාවට අවශ්‍ය ටෝකන් නෙවෙයි... ඉන්ධන. මේ ක්‍රමය තවත් ප්‍රෝඩාවක්... ඇතැම් අය ටෝකන් ලබාගෙන නැවත පෝලිමට එක්වී තවත් ටෝකන් ලබාගනීවි. යෝජනා කරන්නේම මෝඩ ක්‍රමවේද? මේ ගොන් මොල නිසා රටම අවුල් වෙලා තියෙන්නේ...

:       0       18

ravin Sunday, 26 June 2022 03:48 PM

අහවල් පක්ෂයේ පාක්ෂිකයින්ට විශේෂ සැලකිලි එහෙම නැහැ නේද? පුතා ඒකත් කරන්න බැරි නැහැ.

:       0       13

චමින්ද Sunday, 26 June 2022 04:27 PM

ගෝඨාභයට මිනිස්සු බලය දුන්නේ මේ වගේ අයට ඇමැතිකම් දෙන්න නෙවෙයි. ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම කළ නොහැකි ඇමැතිවරු වහාම ඉල්ලා අස්විය යුතුයි...

:       0       8

logik Sunday, 26 June 2022 05:09 PM

දෙන්න දෙන්න... ටෝකන් අරගෙන පෝලිම්වල කන්න නැතිව වේලි වේලි ඉන්න තමයි මෙයාලා මේ ආණ්ඩුව පත්කරගත්තේ...

:       0       7

Hafeel Sunday, 26 June 2022 05:17 PM

තෙල් නැතුව මොන ටෝකන්ද? පිස්සු වැඩ. ගම්මන්පිලත් කයිවාරු මිස ප්‍රශ්නය මතුවෙන්න කලින් පියවර ගත්තේ නැහැ. දැන් මෙයාත් ඒකමයි කරන්නේ.

:       0       8

ranjith Sunday, 26 June 2022 07:51 PM

දැන් කෙකර ගාන්නේ නැතිව.. ටෝකන් 225 හදාගෙන පිළිවෙළකට ගෙදර යන්න. රට ගොඩගන්න පුළුවන් වෙන කණ්ඩායමකට දෙන්න. එන්න එන්නම රට ප්‍රපාතයට නේද යන්නේ..?

:       0       6

ganegoda Sunday, 26 June 2022 08:11 PM

ටෝකන් විතරක් දීලා මදි... අවසාන වශයෙන් පිටිපස්සට හොඳ පාපන්දු පහරකුත් දෙන්න ඕනේ..!

:       0       4

Bamunuarachchi Monday, 27 June 2022 08:08 AM

ටෝකන් නිකුත් කරන්න ඒ ඉන්දන හල අවට ප්‍්‍රදේශයේ ඉන්න අයට මරදානේ, නුගේගොඩ ඉන්න අය, ත්‍රීවීලර් කාරයෝ බත්තරමුල්ලට එනවා පෙට්‍රල් ගහන්න.

:       0       0

සෙනෙවිරත්න Monday, 27 June 2022 09:20 AM

මේක කරන්න පුළුවන් දෙයක් නොවේ. තෙල් පෝලිම් ඉතාම සංකීර්ණ තැනකි. කිසිදු ලියවිල්ලක් ,නොම්මර පරීක්ෂා කල හැකි තත්ත්වයක් එතන නැත. කල හැකි එහෙත් යම්තාක් සාධාරණ ක්‍රමය වන්නේ ප්‍රමුඛතාව හඳුනාගෙන කූපන් නිකුත් කිරීම පමණි. නමුත් ෂෙඩ්වල තෙල් නොමැති නම් හෝ ඔවුන් කරනු ලබන වංචා වලට විසඳුමක් නැත.

:       0       1

Ana Monday, 27 June 2022 12:03 PM

තමන්ගේ ආදායම් බලපත්‍ර සඳහා අදාල ප්‍රා.ලේ. මගින් සලාක පත්‍රයක් ලබා දෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 69 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site