(  එච්. චන්දන  )

ඉන්දියාවේ සිට හොර රහසේ ගෙනවිත් කොළඹට ප්‍රවාහනය කරන ලද කෝටි දෙකකට ආසන්න බීඩ කොළ තොගයක් සමග  සැකකරුවෙක් අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසය පවසයි.

මදුරන්කුලිය පොලීස් ස්ථානාධිපතිට ලැබුණු තොරතුරකට අනුව මදුරන්කුලිය තොඩුවාව මාර්ගයේ සිවිල් ඇදුමෙන් රැකවල්ලා සිටි පොලිස් නිළධාරින්ට මෙම බීඩි කොල රැගෙන ගිය ලොරි රථය හා සැකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොල්මට්ට රැගෙන යන මුවාවෙන් මෙම බීඩි කොළ තොගය රැගෙන ගොස් ඇත.

ලොරියේ එලියට පෙනෙන ස්ථානයේ කපන ලද පොල්මට් උර පටවා තිබී ඇති අතර ඇතුලත පරීක්ෂා කිරීමේදී බීඩි කොළ ඇසරුම් කල ලද පොහොර උර 78 තිබී පෙලීසය සොයා ගෙන තිබේ.