( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දින මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන එම විශේෂ ගුවන් යානය ඊයේ (11) දින රාත්‍රී 10.30 ට පිලිපීනයේ මැනිලා නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් , පිලිපීනයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් පිරිසක් සහ එරට නැව් සමාගම් වල සේවය සදහා ගොස් සිටි නාවිකයන් පිරිසක් සිටින බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් , ආචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසීය .
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීම සදහා පහසුකම් සළසා දී තිබුණි .
එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව යම් ගුවන් මගීන් පිරිසක් කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වුවහොත් , ඔවුන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
මේ අතර ජපානයේ නරීටා සිට අද(12) දින අලුයම 3.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් ද එරට රැදී සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 02 කු පැමිණ තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් හොඳට තේරෙනවා මේවා වෙන්නේ කාගේ වුවමනාවකටද කියලා.. සල්ලි තියෙන ලොකු ලොක්කන්ගේ ළමයි තමයි මේගොල්ලෝ ගේන්නේ.. දුක් විඳින දුප්පත් මිනිස්සු මේ ගොල්ලන් අමතක කරලා දාලා..