
(යොහාන් භාසුර)
රාජ්‍ය සමාගමක් වන ඇල්කඩුව වතු සමාගමට අයත් පිටකන්ද වතුයායේ තේ තවානේ වාර්ෂික තොග ගණනය අතරතුරදී ඇති වූ සිද්ධියේදී සේවා අවශ්‍යතා මත කළ ස්ථාන මාරුවීම්වලට අවනත නොවූ එම සමාගමේ වතු අධිකාරීවරයකුගේ සහ වැඩබලන අධිකාරීවරයකුගේ වැඩතහනම් කළ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල නිලධාරීන් දෙදෙනා රාජ්‍ය සේවකයන් ලෙස කළමණාකාරිත්වයට අවනත නොවීමේ චෝදනාවට මෙසේ වැඩතහනම් කළ බවත් එම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වන බවත් එම උසස් නිලධාරියා කීය.
පිටකන්ද වතුයායේ තේ තවානේ පැල විශාල සංඛ්‍යාවක අඩුවක් පසුගිය දෙසැම්බර් 30 වැනි දින වාර්ෂික තොග ගණනයේදී ජාතික විගණන නිලධාරීන් සොයා ගැනීමෙන් පසුව එහි වතු අධිකාරීවරයා ස්ථාන මාරුකිරීමට සමගාමීව සේවා අවශ්‍යතා මත අදාල නිලධාරීන් මාරු කළ බවත් ඔවුන් නව සේවා ස්ථානවලට වාර්තා නොකිරීම නිසා මෙම තීරණ්‍ය ගත් බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd