IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට

( ක.ග.කරුණාරත්න )

පොළොන්නරුව පුලස්තිගම ප‍්‍රදේශයෙන් හමුවූ  කොරෝනා ආසාදිතයා සමඟ සෘජු සම්බන්‍ධකම් පැවැත්වූ බව කිවන 46 දෙනෙකු නිරෝධායනය සඳහා මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් පනිච්චන්කර්නි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා තිබෙන බව පොලොන්නරුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

ඊට අමතරව දෙහිඅත්තකණ්ඩිය,සිරිපුර පලූදෙණිය ප‍්‍රදේශයේ වෙසෙන, කොරෝනා වයිරසය ආසාදිත නාවික සෙබළාගේ බිරිඳගේ මව, පියා,ඇතුලූ පිරිසක් පොලාන්නරුව පුලස්තිගම පිහිටි නිවෙසට පැමිණ ගොස් ඇතිබවට තොරතුරු ලැබීමෙන් පසුව ඔවුන් ඇතුලූ නව දෙනෙකු නිරෝධායනය සඳහා පුනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ බව සෞඛ්‍ය අංශ සඳහන් කලේය.

මේ අතර එම කොරෝනා රෝගියා හමුවූ පොලොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දැනට හුදෙකලා කර ඇති ග‍්‍රාම නිලධාරී වසම් 12 තුල වෙසෙන 22,000 කට අධික පිරිසක් සිය නිවෙස් තුල ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයිද සෞඛ්‍ය අංශ අනාවරණය කලේය.



අදහස් (0)

පුලතිසිගම ආසාදිතයා සමග සබඳකම් පැවැත්වු 46ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site