( ෂේන් සෙනෙවිරත්න )
පොල්ගොල්ල ජලාශයට අයත් මහනුවර පොලිස් වසමේ වවුල් කඩේ නැමැති ස්ථානයේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු ජලාශයේ ගිලී මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි .
එසේ ජලයේ ගිලී මිය මියගොස් ඇත්තේ අයි. කවිනාශ් නැමැති 17 හැවිරිදි කටුගස්තොට සහිරා විදුහලේ සිසුවකු බව පොලීසිය කියයි .
කටුගස්තොට සහිරා විදුහලේ නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15-17ත් අතර සිසුන් 08දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ (09) සවස පොල්ගොල්ල ජලාශයේ වවුල් කඩේ නමැති ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බව පවසන පොලිසිය ඉන් දෙදෙනෙකු ජලයේ ගිලී මත් සමග එම ස්ථානයේ සිටි අනෙක් සිසුන් පිරිස එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය කියයි .
එසේ දිය නාමින් සිටි දෙදෙනෙකු ජලයේ ගිලී ඇති අතර මියගිය සිසුවාට අමතරව තවත් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලාගියා නම් ඔවුන් සැක සහිත නැද්ද? කවුද දන්නේ යාලුවා වතුරට දමා ගියාද කියලා... කොහොම වුණත් රෝහලේ සිටින තරුණයාගෙන් තොරතුරක් ගන්න පුළුවන් වේවි...!
මට කුඩා කාලේ අහපු වලභා සහ යාලුවෝ දෙදෙනාගේ කතාව සිහිවෙනවා...