
(මොහොමඩ් ආසික්)
පොල්ගොල්ල ජලාශයේ වාර්ෂික නිරීක්ෂණ කටයුතු සඳහා සහ ඉදිරි මෝසම් වැසි සමයට පෙර කළ යුතු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශයේ සියලු වාන් දොරටු අද (11) වැනිදා රාත්‍රී 10.00 සිට හෙට (12) උදේ 6.00 දක්වා විවෘත කර ජලාශය හිස් කරන බව ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා කීය.
මෙලෙස ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම නිසා මහවැලි ගඟේ පහළ කොටසට විශාල වශයෙන් ජලය මුදා හැරෙන බැවින් එම ප්‍රදේශවල ජනතාව ගඟ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසත් කාර්යභාර ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජලාශය හිස් කිරීම හේතුවෙන් හාරිස්පත්තුව, අකුරණ පූජාපිටිය පොල්ගොල්ල සහ උකුවෙල යන ජල සම්පාදන ක්‍රම මගින් ජලය සපයන ප්‍රදේශවලට 12 වැනිදා සිට ලබන 14 වැනිදා දක්වා ජලය විසන්ධි කිරීමට සිදු වන බව ජාතික ජල සම්පත් සහ ජලාපවාහන මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩෝරයකට ආසන්න පෑවිල්ලක් තියෙන කාලේ මෙහෙම ජලාශ හිස්කරන එක හරිද? පස්සේ ලස්සනට විදුලිය කප්පාදු කරයි. මිනිස්සුන්ටත් එතකොට අමතකයිනේ ජලාශයේ වතුර ගඟ දිගේ යැව්ව හැටි. මේකේ වගකීම ගන්න බලධාරියෙක් නැද්ද?