IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

(ඩි.ජී.සුගතපාල)
 
ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (20) නියෝග කළේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි එන්.ජී.නිලංග දිනුෂ නමැති සැකකරුවෙකි.

සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස  ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් වන ආර්.හේවාවසම්(91180) සැරයන්කේ.පී. ආනන්දලාල්(90934)කාන්තා නිලධාරිණි ඩබ්ලිව්. ඒ.දීපානි(91159) යන මහත්ම මහත්මින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.

ගාල්ල විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජිව මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක රංජිත් ආනන්ද මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි. 



අදහස් (14)

පොල්ගෙඩි 21 ක් කැඩුවාට ලක්ෂ දෙකක ශරීර ඇප

Prabha Wednesday, 20 January 2021 09:42 AM

පොල් කඩලා ලක්ෂය දෙනකම් කහ පඳුරු පහ හයක් ගලවලා අහුවුණොත් කොහොම හිටීවිද?

:       0       36

අනුර පැස්කුවල් Wednesday, 20 January 2021 10:24 AM

මේ වගේ අහස පොළව නුහුලන අති මහත් ජාතික අපරාධයක් කළාට මේ පුද්ගලයාට දෙතිස් වද දීලා මරන්න ඕනේ. මේ වගේ උතුම් දේශයක මෙහෙම අපරාධයක් වෙයි කියලා හීනෙකින්වත් අපි හිතුවද? පොල්ම 21ක්.

:       0       65

NAILIN Wednesday, 20 January 2021 10:29 AM

එක රටක්.. එක නීතියක්...

:       1       47

වීරවිජේ Wednesday, 20 January 2021 10:55 AM

ඔය වගෙ පොඩි නඩු ගෙනාපුවාම උසාවියට පාඩුයි. උසාවියේ කාලය අපතේ යනවා. ඒකයි ඔය...

:       1       30

karuWednesday, 20 January 2021 12:11 PM

ඔව්, මේවගේ පොඩි නඩුවකින් නඩු කාරයාට ජරාව කන්න බැහැනේ... එ් නිසා මේවගේ නඩු අහන්න නඩුකාරයෝ කැමති නැහැ.

:       0       5

කන්ගැට්ටා Wednesday, 20 January 2021 11:15 AM

මිලියන ගණන් රටේ සම්පත් හොරාකාපු, මන්කොල්ලකාපු අයට නීතිය වලංගු නැතුව ඇති...

:       0       6

විජිත් Wednesday, 20 January 2021 12:30 PM

මේ වගේ රුපියල් 2520ක හොරකමකට (ගෙඩියක් රුපියල් 120 ගන්නේ 21 කට) නොවෙයි මහා ලොකු නඩු... රුපියල් ප්‍රකෝටි ගණනකට වැඩක් දුන්න කට්ටියක් ඊයේ පෙරේදා ඇප පිට නිදහස් කළා... එක හොරෙකුට රුපියල් ලක්ෂ 2 ක ඇපයක් මත. මට හිතෙන්නේ පොඩි වැරදීමක් වෙලාද කොහෙද..? අනේ මන්දා ධර්මද්වීපයේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ, අතයටින් සම්තින් එක බරට ලැබුණේ නැතිනම් කූඩුව අනිවාර්යයි. ඇත්තටම මේ අපි චූටි කාලේ දැකපු ශ්‍රී ලංකාවමද...?

:       0       6

magiya Wednesday, 20 January 2021 12:44 PM

පොල්ගෙඩි 20, දුම්රිය රියදුරු කරන වර්ජන නිසා සිදුවන පාඩුව අඩුයිලු..?

:       0       2

Prasad Wednesday, 20 January 2021 12:56 PM

මේ වගේ අපරාධ කරුවන් එල්ලා මැරිය යුතුයි.

:       0       3

banda Wednesday, 20 January 2021 01:05 PM

මෙතන අදහස් දාපු මහත්වරු කියන්න බලන්න පොල් හොරාට දෙන්න ඕනෙ දඬුවම මොකක්ද කියලා..?

:       1       1

K Perera Wednesday, 20 January 2021 02:03 PM

මේ ආණ්ඩුව පටන්ගත් දවසේ සිට හැමදාම කුඩු ජාවාරම්කරුවන්ව අල්ලනවා.. නමුත් මොවුන්ට දෙන දඬුවමක් ගැන නම් කිසිම ප්‍රවෘත්තියක් නැහැ. පොල්ගෙඩි 21ක දඬුවම නම් හොඳට තියෙනවා. කෝ අපේ රටේ නීතිය?

:       0       3

Nimal Wednesday, 20 January 2021 02:25 PM

නියමයි විනිසුරු උත්තමයන්ට...!! ජයවේවා ජයවේවා

:       0       3

Asanga Wednesday, 20 January 2021 02:25 PM

දැන් තේරෙනවා නේද? රටේ නීතිය දැන් කොතැනද තියෙන්නේ..? ඔහොම යමුකෝ?

:       0       3

Waruna Thursday, 21 January 2021 02:14 AM

මහබැංකු මංකොල්ලය වගේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site