
(අංජුල මහික වීරරත්න)
රටේ පාලකයන් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සඳහා බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන යුගයේදී පවා බුදු දහමට ප්‍රමුඛත්වය ලබා දීම යන කාරණය පිළිගෙන ඒ අනුව කටයුතු කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
බුදු දහමට ලැබිය යුතු ප්‍රමුඛතාවය අහිමි කළහොත් කරන්නේ කුමක්දැයි පක්ෂ නායකයින් මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ගාල්ල, මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති පැලවත්තේ චන්දිම නා හිමි වෙත "ධර්මකීර්තී ශ්‍රී පියජෝති" යන ගෞරව නාම සම්මුතිය සහිත "ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය" පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.
අක්කපත්‍ර ප්‍රදානය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේදී සිදු කෙරිණි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ගාලු දිසාව කියන්නේ අපේ බෞද්ධ පුනරුදයට සංඝයාවහන්සේගෙන් මෙන්ම ගිහි අයගෙනුත් සේවය ලැබුණු තැනයි. ඒක අපට අමතක කරන්න බැහැ. විශේෂයෙන්ම අපි හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්වහන්සේව සඳහන් කළ යුතුයි. මොකද උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි මේ පුනරුදය ඇති වුණේ. උන්වහන්සේ නොහිටියා නම් මේ පුනරුදය නොවෙන්න තිබුණා. මිගෙට්ටුවත්තේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා එකතු කරගෙන පානදුරාවාදය ඇතුළු විවාදවලට නායකත්වය දෙන්න උන්වහන්සේට පුළුවන් වුණා.
මේ බෞද්ධ පුනරුදයෙන් බුද්ධාගම ඉදිරියට ආවා. 1972 අපේ ව්‍යවස්ථාව සකස් කරන අවස්ථාවේත්, ජේ. ආර්. ජනාධිපති විපක්ෂ නායක හැටියට බුද්ධාගමට විශේෂ තැනක් ලබාදෙන්න කියා ඉල්ලීමක් කළා.
කළුතර බෝධිය කපන්න ගිය අවස්ථාවේ වික්ටෝරියා රැජිණ ඊට විරුද්ධ වුණා.
ඒ නිසා අද මේ පළාතේ සමහර විහාරස්ථාන වල 19 වෙනි සියවසට අයත් බිතු සිතුවම් වල වික්ටෝරියා රැජිණගේ පින්තූර නිර්මාණය කර තිබෙනවා. ඒකට උදාහරණයක් හැටියට කතලුවේ පන්සල පෙන්වා දෙන්න පුළුවනි.
ලංකාවේ විහාර - දේවාලගම් පනත සම්මත කර තිබෙන්නේ බුද්ධාගමට දිය යුතු නිසි තැන ලබාදීම සඳහායි. ඒකෙන් කියන්නේ විහාරවලට අයිති දේවල් විහාරවලට අයිති බවත් දේවාල වලට අයිති දේවල් දේවාල වලට අයිති බවත්ය.
විශේෂයෙන්ම අපේ බැතිමතුන් ලබාදෙන රත්තරන් බඩු සියල්ලම අයිති වෙන්නේ ඒ විහාරයට නැතිනම් ඒ දේවාලයටයි. ඕවට අත තියන්න ගිහින් රටට මොනවා වෙයිද කියා මමනම් දන්නේ නෑ. මේ දේවල් ඉදිරිපත් කළේ සුද්දන්ගේ කාලේයි. ශ්‍රී ලංකාව ඩොමිනියන් රාජ්‍යයක් වුණාම එංගලන්තේ සිංහාසනයේ හිටපු රජතුමා තමයි අපේ ලංකාවේ රජතුමා වෙන්නෙත්. එතුමාද බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියලා පිළිගත්තා.
දෙවැනි එළිසබත් රැජිණිය ලංකාවේ රැජිණිය හැටියට අපි පිළිගත්තා. එතුමිය 1954 ලංකාවට ඇවිල්ලා බුද්ධාගම ආරක්ෂා කරන එක පිළිගෙන එතුමිය ගිහින් දළදා මාළිගාවට මල් පූජා කළා. බෞද්ධ නොවන පාලකයින් පවා මේ දේවල් ඉදිරියට ගෙන ගිහින් තියෙනවා. මේ දේවල් ආරක්ෂා කරන්න බුදු දහමට ප්‍රමුඛතාව ලබාදීම සම්බන්ධ වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල් කළ යුතු බව ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා කිව්වා.ඒ අනුවයි අදාළ කටයුතු වුණේ.
අපි මේ කාරණා එතැනට ඇතුළු කර ජනතා පරමාධිපත්‍ය ජනතාවගේ කැමැත්ත නැතිව ඉවත් කරන්න බැරි බව තහවුරු කළා. එසේ නම් පළවෙනි වන්තිය, දෙවැනි වගන්තිය, තුන්වැනි වගන්තිය, හතරවැනි වගන්ති වල සඳහන් වෙන්නේ ජනමත විචාරණයක් නැතිව ඉවත් කරන්න බැහැ කියලයි.
ඒ නිසා මේ දේවල් වෙනස් කරන්න රජයකට අයිතියක් නැහැ. එය වෙනස් කිරීමේ අයිතිය තිබෙන්නේ රටේ ජනතාවටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි අපි අර කෑම්ප් එකේදී කරලා පෙන්නුවේ...
වෙඩින් එකට ගිය යාලුවට හොරකම් කරන්න එපා කියන්න ප්‍රමුඛතාවය දෙන්න චුට්ටක් අමතක වුණා...
මේ හාමුදුරුවන්ට වැඳිය යුත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින් පමණද කියලත් කියන්න සෑර්...
බුදු දහමට ගරු කරන එක වෙනයි. හාමුදුරුවන්ට කඩේයන එක වෙනයි. ඒ අයට පන්සලයි ගමේ ජනතාව සමග ඉන්න ඉඩදෙන්න. පාලකයෝ... ජනතාවගේ මුදල් පන්සල්වලට පූජා කරන්නේ නැතිව ඒ වගේම හාමුදුරුවන් පාලකයාට වැසිකිලි හදන්නේ නැතිව පන්සල් ඇතුලේ බුදු දහම රැක ගන්න ඕනෑ. පාලකයින් වැඩිය ගනුදෙනු අවශ්‍ය නැහැ. බුදුදහම රැකෙනවා. පන්සල් වලට පාලකයින් නොයෑමෙන්. රටේ ප්‍රශ්න හාමුදුරුවන්ට විසදන්න බැහැ. ඒකට ඇමැතිලා ඉන්නවා ජනතාව යහමගට ගන්න ඒක හාමුදුරුවන්ට පුලුවන්... එතකොට දෙකම රැකෙනවා. පින්, රනිල්, මයිනා පන්සල් කෑවා. රටත් කෑවා. දැන් අලුත් අයට උගන්වන්න එනවා පාඩුවෙ ඉදලා උසාවියට පෙනීසිටින්න...
කලින් තිබුණු මාරාන්තික ලෙඩ රෝග කන්දරාව දැන් නෑ වගේ...
බුදු දහම මේ ලෝකේ නොනැසී ඉතුරු වුනේ මේ රටේ බුදු දහම ආරක්ෂිතව තිබුණු නිසයි. එක නිසයි සම්ප්‍රදායිකව ලංකාව බුදු දහමට ප්රමුඛ තැනක් දෙන්නෙ. එහෙම වුනත් ලෝකේ වෙනත් ආගම් කිසිවක් මෙහි තහනම් නැහැ. එක අනාදිමත් කාලෙක ඉඳල තිබෙන සම්ප්රදාය. එත් බුදුදහමට නිගරු කරන සංස්කෘතික වටිනාකම් හෑල්ලු කරන නිරාගමිකයන්ගේ ආණ්ඩුවක් ඉන්නා නිසා අර චිරාත් කාලයක් පැවතුනු සම්ප්‍රදායට තර්ජනයක් එල්ලවෙලා තියෙනවා. ඉතිහාසේ කියල ළමයින්ට දැන් උගන්වන්නේ මෝටර් රථ ඉතිහාසය කියල ප්‍රවෘත්තියක් මම දැක්ක. ඔන්න රටට ගිය කල.
බුදුදහම අපට අවශ්‍ය බව සත්‍ය කරුණක්.ඒත් අරාබි නිසොල්ලාසයේ කතා වල තිබෙන ආකාරයේ සුඛෝපභෝගී ආවාස පන්සල්වලට අවශ්‍යද?
ඔයා මෝඩයෙක්
වැඩි ආරක්ෂාවට වෙන්න ඇති ඒකාලේ පන්සල් වටේ කටු කම්බි ගැහුවේ නේද?
අපි බෞද්ධ නෙමෙ උබ විතරයි බෞද්ධ.. දැන්ද බටලන්දේ වදකයාට බුදු බණ මතක් උනේ.. 60,000ක් දරුවන්ගේ ලේ උරා බීප රට අවුරුදු 1000ක් ආපස්සට යවපු නාකි පිසාචයා... කර්මය පලිසන් දෙයි.. ඒතකන් කට වහගෙන ඉදපං..
J R මාමා ජනාධිපති හැටියට බුද්ධාගමට විශේෂ තැනක් ලබාදුන්නේ නුවර ගැටඹේ විහාරය වටකරලා කම්බි වැටක් ගහලා. බෞද්ධ නොවන පාලකයින්ට වඩා බෞද්ධ යැයි කියාගන්න හිටපු පාලකයින්ගෙන් මේ රටට, ජනතාවට වෙච්චි අලකලංචියට 2048දීත් ඔළුව උස්සනවා බොරු
ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට.