
(අංජුල මහික වීරරත්න)
නව පොල් වගා වල පොල් පැළ සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහිදී සහනදායී වාරිකයක් යටතේ පොල් පැලයක් සඳහා මූලික වශයෙන් නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නාය යෑම් සහ වල් අලි හානි ආවරණය කරනු ලැබේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ රක්ෂණය කරනු ලබන එක් පොල් පැලයක් රුපියල් 40 රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණය කිරීමේදී, වාර්ෂිකව රුපියල් 550 රක්ෂණ ආවරණයක් ලබාගත හැකිය.
ඒ අනුව උපරිම රක්ෂිත කාලසීමාව වන වසර 6 ක් සඳහා වාර මුදල වන රුපියල් 875 යටතේ පොල් පැලයක් සඳහා රුපියල් 12450 ක වාර්ෂික රක්ෂණාවරණයක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ස්වභාවික හේතු මෙන්ම වල් අලි හානි මඟින් පොල් වගාවට සිදුවන අවදානම් ආවරණය කිරීම සිදුවන බැවින්, වගා කරුවන්ට අවදානමකින් තොරව පොල් කර්මාන්තය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අවස්ථාව ලබාදී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd