
(අංජුල මහික වීරරත්න)
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත පිරිස් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියැලී සිටින පිරිසගේ රැකියා අවදානම සලකා බලා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000, රුපියල් 1,000,000 සහ රුපියල් 2,000,000 යන රක්ෂිත ආවරණ මරණයකදී සහ පුර්ණ අකර්‌මණ්‍ය තාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතා වලදී මෙන්ම හදිසි අනතුරු මඟින් රෝහල් ගත වීමේදී ද රක්ෂණ ආවරණ ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.
මෙම රක්ෂණ ආවරණ සඳහා රුපියල් 2000 රුපියල් 4000 සහ රුපියල් 8000 ක වාර්ෂික වාරික මට්ටම් යටතේ දායක වීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල්-කිතුල්-තල් මදින අයට රක්ෂණයක්
PRASANNA Tuesday, 01 April 2025 06:13 PM
මේවා ඔක්කොම බොරු, බේගල්! රක්ශණය කොහොමත් ව්‍යර්ථයි. රා ටික අල්ලලා නඩුවක් දාවි