(අංජුල මහික වීරරත්න)

ජගත් පරිසර දිනය නිමිත්තෙන් පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට(30) සිට ජුනි 5 දක්වා පරිසර සතිය ප්‍රකාශයට පත්කර තිබේ.

ජගත් පරිසර දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී ජුනි 5 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

පරිසර සතියේදී අට විසි බෝධි වෘක්ෂ බෙදා දීම,දේශගුණ විපර්යාස සහ වායු දූෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්,දියවන්නා ඔය රැක ගැනීම සම්බන්ධ වැඩසටහන් ඇතුළු දිවයින පුරා විවිධ පරිසර වැඩසටහන් සංවිධාන කර තිබෙන බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.