(සුජිත් හේවාජුලිගේ)
තමාගේ නිවෙසට එල්ලවූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බව හිරු රූපවාහිනි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය.
නිවෙසට පහරදීමේ සිද්ධිය සම්බන්ධ කාරණයක් ගැන විමසීමට තමා පොලිස්පතිවරයා දුරකථනයෙන් ඇමතීමට කීපවරක්ම උත්සාහ ගත්තත් ඔහු සම්බන්ධකර ගැනීමට නොහැකි වූ බවද සමරවික්‍රම මහතා පැවැසුවේය.
රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන් මෙම සිදුවීම ගැන තවම පරීක්ෂණ පවත්වන්නේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසූ හෙතෙම මෙම පරීක්ෂණය පොලීසියේ විශේෂ අංශයකට පැවරීමට පවා පොලිස්පතිවරයා කටයුතු කර නැතැයිද චෝදනා කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු හෝ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද චමුදිත සමරවික්‍රම මහතා කීවේය. නිවෙසට පහරදීමේ සිද්ධියෙන් පසු තමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන නැති බවත් මේ තත්වය යටතේ තමාගේ ජීවිතය තවදුරටත් අනතුරේ පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රහාරය වෙන දවසේ හොඳ වෙලාවට අපි වෙනම කාමරයක නිදා ගත්තේ, ඔහු නොකියන කතාව කුමක්ද?
මෙයා හිතා ඉන්නේ වටිනා ජාතික සම්පතක් කියලද? යූ ටියුබ් එකේ කීයක් හරි හොයාගන්නද මන්දා... හෙණ සීරියස් වගේ වීඩියෝ දානවා. මොලේ ඇති කෙනෙක්ට තේරෙනවා ඒවා කළින් සැලසුම් කළ ඒවා කියලා...
ප්‍රහාරයට ආණ්ඩුව ගෑවිලා නැතිනම්, කරපු එවුන් අහුවේවි නැත්නම්...! ඉතින් අනිත් ‘‘ප්‍රහාර‘‘ වගේ පරීක්ෂණ ඔහේ පැද්දි, පැද්දී තියේවි.
ඔයාට කොහොමත් වෙන රටක PR එකක් දෙනකන් ඕක හරි නෑ කියයි. මොකද නැතිනම් ප්ලෑන් ඔක්කොම අවුල් නේද? ලංකාවේ බැංකුවලට කීයක් ණයයිද ඔයා...?
ඔයා ලංකාවේ බැංකුවලට කීයක් ණයයිද? යුරෝපයේ රටක ස්ථිරවම වීසා ලැබෙන කම් ඕක තමයි ඔය කියන්නේ...
පොලීසියේ මැදහත් ප්‍රතිචාරය පිළිබඳ විස්තරයක් චමුදිත ලබාගත යුතුයි.
මේ රටේ කවදාද ප්‍රහාර පිළිබඳව නිසිලෙස පරීක්ෂණ කෙරුණේ..? පොලිසිය දැන් ගිනිකූරු සොයනවා ඇති...
නොකියන කතාව මොකක්ද කියලා රට පාලනය කරන නායකයින්ගෙන් අහන්න මෙයා...
ඒ කියන්නේ ප්‍රහාරයේ නිර්මාතෘ ඔහුමයි.