(*** සුජිත් හේවාජුලිගේ)
රටපුරා පෙරහුරු ඡන්ද විමසීම් තවත් 16ක් ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
මහ මැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩදී ඉකුත් 7 වැනිදා පැවැත්විණි.
ඡන්දදායකයන් දෙසීයකට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන මෙම ඡන්ද විමසීම සංවිධානය කෙරුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඡන්දය පැවැත්වීමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම සඳහාය.
අනෙකුත් පෙරහුරු ඡන්ද විමසීම් දිස්ත්‍රික්ක දෙක තුනකට එකක් බැගින් විවිධ ජන කොටස් ජීවත්වන ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ ඉලක්ක කර පවත්වන බවත් විවිධ ජනකොටස් සෞඛ්‍ය ක්‍රමවේද යටතේ ඡන්ද කටයුතුවලට සහභාගිවීමේදී මතුවිය හැකි ගැටලු හා ප්‍රමාදයන් පිළිබඳ හඳුනා ගැනීම ඒ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවත් මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘ලංකාදීප’ට ඊයේ (10) පැවැසීය.
කොළඹ නගරයේ නාගරික මහල් හා වතු නිවාස ආශ්‍රිතව ද පෙරහුරු ඡන්ද විමසීම් දෙකක් පවත්වන බව කොමිසම පවසයි.
මේ පෙරහුරු මැතිවරණ සංවිධානය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනටමත් සිය නිලධාරීන්ට උපදෙස් මාලාවක් නිකුත් කරනු ලැබ ඇත.
මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ද ඒ පෙරහුරු ඡන්ද විමසීම් සඳහා යෙදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd